Sri Lanka Brodcasting Corporation

Wed09202017

Last updateWed, 20 Sep 2017 6pm

ව්‍යාපාරික පුවත්

හම්බන්තොට ආයෝජන කලාපය පිහිටුවිමට අදාල ගිවිසුම් අත්සන් තැබිම ලබන සෙනසුරාදා.

 

හම්බන්තොට ආයෝජන කලාපය පිහිටුවිමට අදාල ගිවිසුම් ලබන සෙනසුරාදා අත්සන් තබන බව සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කියයි. ඒ සදහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබි තිබෙ.් . ආයෝජන මණ්ඩල ගිවිසුමක් වන මේ යටතේ අනුනව අවුරුදු බද්දකට අදාල ඉඩම් පවරා දෙන බව අමාත්‍යවරයා පැවසුවේ ඇමති මණ්ඩල තිරණ දැනුම්දිම සදහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදිය. . හම්බන්තොට හා මත්තල ව්‍යාපෘති සුදු අලින් බවට පත්ව තිබෙ.් මේ නිසා සිදුවන රජයට වාර්ෂිකව සිදුවන පාඩුව රුපියල් කෝටි 60 කට ආසන්නය. එබැවින් එම ව්‍යාපෘති ජනතාවට බරක් නොවන වඩාත් ඵලදායි තත්ත්වයට පත් කිරිම අත්‍යවශ්‍ය බව ඇමතිවරයා පෙන්වා දුන්නේය .
රජය ඉදිරිපත් කළ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත රටේ අඩුපාඩු සකස් කර නැවත ඉදිරිපත් කරන බවද ඇමති රාජිත සේනාරත්න මහතා පැවසිය . රට සීඝ්‍ර දියුණුවක් කරා ගෙන යාමට එවැනි පනතක් අත්‍යවශ්‍ය වේ. ඉදිරි සති දෙකේදී රැකියා විසිදහසක් බිහිකෙරෙන කර්මාන්ත රැසක් ආරම්භ කරන බව. ඇමති ගයන්ත කරුණාතිලක මහතා් එහිදි පැවසිය. කුලියාපිටිය හා ගිරිඋල්ලේ ව්‍යාපෘති දෙකක් ඊයේ ආරම්භ කෙරිණි. හෙට කඵතර ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් ඇරඹේ. . රැකියා හත්දහසක් බිහිකෙරෙන නව කර්මාන්ත ශාලාවක කටයුතු ලබන සිකුරාදා ආරම්භ කෙරෙන බව ඇමතිවරයා පැවසිය. රන්මිහිතැන්න ටෙලි ගම්මානය විදේශිකයන්ට පවරන බවට පළ ව ිී ඇති වාර්තා ඇමතිවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය. දේශපාලන වශයෙන් බංකළොත් වු පිරිස් එවැනි ප්‍රචාර ගෙනයන බව ඔහු සදහන් කළේය. රන්මිණිතැන්න ටෙලි ගම්මානය වඩාත් ඵලදායි ව්‍යාපෘතියක් බවට පත් කිරිම රජයේ අපේක්ෂාවයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්