Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

ව්‍යාපාරික පුවත්

කොටස් වෙළඳපල පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රන මාලාවේ තවත් සම්මන්ත්‍රනයක්

කොටස් වෙළඳපල පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රන මාලාවේ තවත් සම්මන්ත්‍රනයක් කොටස්  වෙළඳපල රත්නපුර ශාඛා ශ්‍රවනාගාරයේදි ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්වේ.  කොළඹ කොටස් වෙළූඳපල එය සංවිධාන කරයි.  ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ රැසක් එහිදි දේශන පවත්වති.

අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට අළෙවි කිරීමේ ජංගම සේවාවක් දැන් ක්‍රියාත්මකයි.

 

පොල් ඇතුඑ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට අළෙවි කිරීමේ ජංගම ලොරි රථ සේවාවක් දැන් ක්‍රියාත්මකයි. වව්නියාව. මාතර. නුවර ආදී දිවයිනේ විවිධ ස්ථාන කිහිපයකදී අද ආරම්භ වූ වැඩසටහන සමූපකාර තොග වෙළඳ සංස්ථාව ක්‍රියාවට නංවයි. ගම්පහ. රාගම. මරදාන. කොලඹ කොටුව දුම්රිය ස්ථානවලදී මෙම වැඩසටහන හෙට සිට සිකුරාදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

Read more...

ඉරානය මෙරට ආයෝජන අවස්ථා සොයා බලයි

ඉරානය මෙරට ආයෝජන අවස්ථා සොයා බලයි.  ඉකුත්දා ජාතික වාණිජ මධ්‍යස්ථානයේ පැවැති තානාපතිවරයෙකු හමුවෙමු වැඩසටහනේදී ඉරාන තානාපති සයරීන් අමිරානී මහතා අදහස් දැක්වීය.  මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ඔහු විශේෂ දේශනයක්ද කළේය.  දෙරටේ වෙළෙඳ හා ආර්ථික කටයුතු පුඵල් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද ඔහු පැහැදිලි කළේය

සස්ටේනබල් එනර්ජි එක්ස්පෝ 2017 විකල්ප බලශක්ති ප්‍රදර්ශනය

සස්ටේනබල් එනර්ජි එක්ස්පෝ 2017 විකල්ප බලශක්ති ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නුගසෙවන ශාලාවේදී අද පස්වරුවේ ඇරඹෙයි. රජයේ සුර්ය බලශක්ති සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන මෙම ප්‍රදර්ශන සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයයි.  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහායද ඒ සදහා ලැබී තිබේ. විවිධ අවශ්‍යතා සදහා සුර්ය බලශක්තිය යොදා ගන්නා නව ක්‍රමවේද ප්‍රදර්ශනයට ඇතුලත්ය. එය ලබන ඉරිදා දක්වා පැවැත්වේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් තවත් අඩු කෙරේ

ජීවන වියදම අඩු කිරිම සදහා ් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අද සිට තවත් අඩු කරන බව ලක් සතොස සභාපති ආචාර්ය ටි.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසය.ිමේ යටතේ සම්බා සහල් කිලෝවක් රුපියල් 80කට අලෙවි කෙරේ. සුදු කැකුඵ කිලෝවක් රුපියල් 65 කටද නාඩු කිලෝිවක් රුපියල් 74 කටද අලෙවි කිරිමට නියමිතයි. සහල් ආනයනය කිරිම සදහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් බලතල ඇති ටෙන්ඩර් කමිටුවක් ද රජය පත් කර ඇත. මේ මාසයේ දි තවත් ලක් සතොස ආයතන 30ක් අලුතින් විවෘත කෙරේ.

ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ මෙහෙයුම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ

පිලිපීනයේ මුලස්ථානය පිහිටා ඇති ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය මෙහෙයුම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරේ. බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ එය ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. ඒ සදහා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ලංකාවේ වී පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ඇමති දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක හා තාක්‍ෂණික දැනුම ලබාගැනීම ජාත්‍යන්තර වී පර්යේෂණායතනයේ මෙහෙයුම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ අරමුණයි.
පොදු වෙළෙඳ සංකිර්ණ නවීන හා අංගසම්පුර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ පලාත්පාලන ආයතන එක්ව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. ඒ සදහා ඇමති පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවක්ද ඇමති මණ්ඩලය අනුමත කර තිබේ. කොල්ලුපිටිය. බම්බලපිටිය. බොරැල්ල. නුගේගොඩ. මහරගම. දෙහිවල. ගල්කිස්ස. මොරටුව හා කටුබැද්ද යන නගරවල පිහිටි පොදු වෙළෙඳ සංකිර්ණ ඒ යටතේ සංවර්ධනය කෙරේ.

මෙරට ජනතාවගෙන් බහුතරයක් පොලිතින් තහනමට අනුගතව සිටින බව පරිසර අධිකාරියේ සභාපතිවරයා කියයි

 

මෙරට ජනතාවගෙන් සියයට අනුවක් මේ වන විට පොලිතින් තහනමට අනුගතව සිටින බව පරිසර අධිකාරියේ සභාපති ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි. ඉකුත් සැප්තැම්බර් 1 වැනිදා සිට පොලිතින් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරිමට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශට පත්කෙරිණ. නාගරික අර්ධ නාගරික හා ග්‍රාමිය ප්‍රදේශවල ඊට අදාලව සිදුකල නියමු පරික්ෂණයකදි මේ බව අනාවරණය වි තිබේ. මේ පිලිබද දැනුවත් කිරිම දුෂ්කර ප්‍රදේශවල ද ඉදිරියේදි සිදුකිරිමට නියමිතයි.

වල්ලාපට්ටා කිලෝ 15 ක් හා ජංගම දුරකථන 157 ක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

 

වල්ලාපට්ටා කිලෝ 15 ක් හා ජංගම දුරකථන 157 ක් නීති විරෝධි ලෙස ගෙනයාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෝ් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනෙති. ඒවායේ වටිනාකම රුපියල් 28 ලක්ෂයකට ආසන්න වේ.  ඒවා ඩුබායි බලා ගෙනයාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපල පිටවීම් පර්යන්තයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

මට්ටක්කුලියේ නව ශීතාගාරයක්

මට්ටක්කුලිය ධීවර සංස්ථා පරිශ්‍රයේ නව ශීතාගාරය විවෘත කෙරේ.  වැය කළ මුදල රුපියල් හයකෝටි පනස් ලක්ෂයකි.  මසුන් ඇසුරුම් කිරීමේ හා පුද්ගලික වෙලෙදසල්වලට බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ද එහි දැන් ක්‍රියාත්මකයි.

ඉල්ලුමට සරිලන මත්ස්‍ය නිෂ්පාදනයක් සිදු කිරීමට විශේෂ ව්‍යාපෘතියක්.

වසර 2020 දී ධීවර නිෂ්පාදන හා පෝෂණ ක්‍ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කටයුතු යොදයි.  2017 අයවැයෙන් රුපියල් කෝටි 120 ක් ඒ සඳහා වෙන් කර ඇතැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අදහස් දක්වමිනි. වැඩසටහන ප්‍රධාන තේමා 3කින් සමන්විතයි. මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් වාර්ෂිකව සියයට 1 යි දශම 8 ක දායකත්වයක් ධීවර ක්‍ෂේත්‍රයෙන් හිමිවේ.  නමුත් රටේ සමස්ත ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිඳාුනොවේ.  මෙරට සමස්ත මත්ස්‍ය අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් හයලක්ෂ පනස් දහසකි.  නමුත් නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 5 ක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්