Sri Lanka Brodcasting Corporation

Mon02272017

Last updateSun, 26 Feb 2017 7pm

ව්‍යාපාරික පුවත්

මහා කන්නයේ වී මිලදි ගැනිමට වි අලෙවි මණ්ඩලය සුදානම්

 

මහ කන්නයේ වි මිලදිගැනිමට වී අලෙවි මණ්ඩලය සුදානම් බව එහි සභාපති එම් ඩි දිසානායක මහතා කියයි. දැනට වි අස්වනු නෙලිම සිදුවන්නේ අම්පාර. කිලිනොච්චිය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පමණි. වි සදහා ඉහල මිලක් ලැබිම හේතුවෙන් වි අලෙවි මණ්ඩලයට ලැබෙන වි ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව සභාපතිවරයා කියයි. රජයේ සහතික මිලට වඩා ඉහල මිලක් වෙළෙදපලේ පැවතිම ඊට හේතුවයි.

Read more...

මගින් ප්‍රවාහනය කරන ධිවර බෝට්ටුවල බලපත්‍ර තහනම් කෙරේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නොතකා මගීන් ප්‍රවාහනය කරන ධිවර බෝට්ටුවල බලපත්‍ර තහනම් කිරීමට ක්‍රියා කරන්නැයි ඇමති මහින්ද අමරවිර මහතා ධිවර අධ්‍යක්ෂ ජනාරාල්ට උපදෙස් දෙයි.  ඊයේ කටුකුරුන්ද මුහුදු තිරයේදි අනතුරටත් පත් ධිවර යාත්‍රාව මගී ප්‍රවාහනය සඳහා කිසිසේත්ම යෝග්‍ය නොවේ.

Read more...

මිල නියාමනය කල අක්ෂි කාච පාරිභෝගික ජනතාවට ලැබිම සම්බන්ධයෙන් විමර්ශනයක්


 

 

අක්ෂි කාච වර්ග 38 ක මිල අඩුකිරිම වෙළෙදපලේ ක්‍රියාත්මක වන ආකාරය පිලිබද සොයා බැලිමට විමර්ශනයක් ආරම්භ කෙරේ. ඒ අනුව හෙට සිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් එම කටයුතු ආරම්භ කරයි. යම්කිසි සමාගමක් මෙහිදි වරදක් සිදුකර ඇත්නම් වහාම නඩු පැවරේ
මේ අතර කළමණාකරනය කර ගැනිමට අපහසු මුලික රෝහල් මධ්‍යම රජයට පවරාගැනිමට තිරණය කල යුතු කාලය එලැඹ ඇතැයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. තංගල්ල මුලික රෝහලේ ප්‍රාදේශිය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරිමෙන් පසු පැවැති ප්‍රගති සමාලෝචන රැස්විමේදි ඔහු මේ බව කිවේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය පිලිබදව මවිතය පලකල සෞඛ්‍ය ඇමතිවරයා ජනාධිපතිවරයෙකු බිහිවු එම දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය නොවිම පුදුමයට කරුණක් බව කියා සිටියේය. එක තැනක සිට තින්දු තිරණ ගෙන ව්‍යාපෘති සිදුකිරිම මිට හේතුවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු රෝහල් වත්මන ්රජය යටතේ සංවර්ධනය කරන බව සේනාරත්න මහතා කිවේය. තංගල්ල මුලික රෝහල සදහා මහල් 10කින් යුත් ගොඩනැගිලි සංකිර්ණයක් ද ඉදිකෙරේ

වසර 2030 දී ධීවර ක්‍ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 5 ක ආදායමක්.

වසර 2030 දී ඩොලර් බිලියන 5 ක ආදායමක් ඉලක්ක කරගනිමින් ධීවර ක්‍ෂේත්‍රයේ සංවර්ධන කටයුතු අරඹා තිබෙන බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.   තායිලන්තයත් සමග බැංකොක් හිදීි ද්විපාර්ශවික සාකච්ඡා අරඹමින් ඔහු මේ බව කීවේය.  ශ්‍රී ලංකා ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමටද රජය ක්‍රියාකරමින් සිටී.

Read more...

ජේ ඒ මොරිසන් සන්ස් ඇන්ඩ් ජෝන්ස් සමාගම තවත් ඖෂධ කර්මාන්ත ශාලාවක් හෝමාගම පිටිපන ප්‍රදේශයේ

ජේ ඒ මොරිසන් සන්ස් ඇන්ඩ් ජෝන්ස් සමාගම තවත් ඖෂධ කර්මාන්ත ශාලාවක් හෝමාගම පිටිපන ප්‍රදේශයේ ආරම්භ කිරිමට සුදානම්වෙයි. ඒ සදහා ආයෝජනය ඩොලර් මිලියන දහතුනයි දශම පහකි. වසර 2019 දි මෙහි නිෂ්පාදන ඇරඹෙයි

රත්නපුර එරත්න ප්‍රදේශයේ කුඩා පරිමාන විදුලි බලාගාරයක්

.රත්නපුර එරත්න ප්‍රදේශයේ කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකෙරේ.  ජපානයේ සීරෝ ප්ලස් සමාගම ඒ සදහා අමෙරිකානු ඩොලර් දසලක්‍ෂයක් ආයෝජනය කරයි.  උත්පාදනය කෙරෙන විදුලිබල ධාරිතාව කිලෝවොට් 700කි.  බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු ලබන වසරේ අගෝස්තු මාසයේ ආරම්භ කරන බව සමාගම කියයි.

මහ කන්නයේ වී අස්වැන්න මිලදි ගැනිමට වී අලෙවි මණ්ඩලය සුදානමින්.

මහ කන්නයේ වී අස්වැන්න මිලදි ගැනිමට වී අලෙවි මණ්ඩලය සුදානම් බව  එහි සභාපති එම් ඩි දිසානායක මහතා පවසයි. සම්බා කිලෝවක් රුපියල් 41 කත්. කිරි සම්බා කිලෝවක් රුපියල්   50 කටත් සහ නාඩු වී කිලෝවක් රුපියල් 37 කටත් මිලදි ගැනේ.

Read more...

මෙරට රෝහල් පහසුකම් දියුණු කිරිමට ජපානයෙන් රුපියල් මිලියන පන්දහස් දෙසියක්

මෙරට ද්විතික රෝහල්වල පහසුකම් හා උපකරණ වැඩිදියුණු කිරිම සදහා මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරිම සදහා ජපානය රුපියල් මිලියන පන්දහස් දෙසිය තිස්දෙකක මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතන හරහා සපයයි.

Read more...

ප්‍රජාමුල සංවිධාන ශක්තිමත් කිරීමට දිවිනැගුම දෙපාර්තමේන්තුව පියවර ගනී

ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රජාමුල සංවිධාන ශක්තිමත් කිරීමට දිවිනැගුම දෙපාර්තමේන්තුව පියවර ගනී.  මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 තුළ සුඵ පරිමාන නිෂ්පාදකයන්ට අවශ්‍ය මුල්‍ය ණය ආධාර සපයා ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.  ස්වයං රැකියා . අත්යන්ත්‍ර. රෙදිපිළි . රේන්ද. ධිවර ඇතුඵ කර්මාන්ත මේ යටතේ සංවිධානය කෙරේ.  මේ සදහා රජය රුපියල් මිලියන 12 ක් වැය කරයි.

අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් කෝටි 862 ක්

පසුගිය වසරේ මුල් දස මාසය තුල අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් කෝටි 862 කට ආසන්න වු බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.  ප්‍රවාහන උපකරණ සහ ඛනිජ තෙල් අපනයනයෙන් ඉපැයු ආදායම අඩුවක් දක්නට ලැබිණි.  තේ . කුඵබඩු වැනි කෘෂිකාර්මික අපනයනවලින් මෙම කාලය තුල අපනයන ඉපැයීම්වලට ඉහල දායකත්වයක් ලැබී තිබේ.

 මුඵ අපනයන ඉපැයීම්වලින් සියයට 48 ක් ලැබෙන්නේ රෙදිපිලි සහ ඇගලුම් අපනයනයෙනි.  පසුගිය වසරේ මුල් දස මාසය තුල රෙදිපිලි සහ ඇගලුම් අපනයනය වැඩිවිය.විශේෂයෙන් සම්ප්‍රදායික සහ සම්ප්‍රදායික නොවන වෙලෙදපොල සදහා වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් යවා ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.  ඇමරිකාව . එක්සත් රාජධානිය . ඉන්දියාව . ජර්මනිය සහ  ඉතාලිය මෙම කාලය තුල ශ්‍රී ලංකාවේ මුඵ අපනයනවලින් සියයට 52 ක් පමණ මිලදී ගත් රටවල්ය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්