Sat08242019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

දේශපාලන අස්ථාවරත්වය අවසන්වී මහ මැතිවරණයක් පැවැත්වීමට සියලුදෙනාගේ අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමින් රටපුරා සර්ව ආගමික වැඩසටහන්.

රට තුළ උද්ගතවී ඇති අස්ථාවර දේශපාලන තත්ත්වය නිමා කිරීම සදහා මහ මැතිවරණයක් පැවැත්වීමට සියලුදෙනාගේ අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමින් අද පස්වරුවේ සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර ඇතැයි සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ පවසති. සර්ව ආගමික සංවිධානයේ මුලිකත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී එම තීරණයට එලඹි බව උන්වහන්සේ අප කළ විමසුමකදී පැවසුහ

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කෙරේ

වත්මන් අර්බුදකාරි දේශපාලන තත්ත්වය හමුවේ තම පක්ෂයේ බොහෝ පිරිසක් පක්ෂයත් ප්‍රජාතන්ත්‍රවාදයත් රටත් ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. පක්ෂයට අනුබද්ධ ආයතන ප්‍රතිසංවිධානය සදහා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පසුගියදා පැවති විශේෂ රැස්වීකදී ඔහු ඒ බව සදහන් කළේය. විවිධ කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ගෙනයන අසත්‍ය ප්‍රචාර දුරු කරමින් නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුළ ස්ථාපනය කිරිීමේ අරමුණින් රැස්වීම පැවැත්වින. පක්ෂයට අනුබද්ධ ආයතන ගණනාවක් ප්‍රතිසංවිධානය කෙරේ.

දිස්ත්‍රික්ක හතක මහ පරිමාන කෘෂිකර්ම ව්‍යාපෘති 20 ක්

මහා පරිමානයෙන් කෘෂිකාර්මික ව්‍යාපෘති 20 ක් දිස්ත්‍රික්ක හතක මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පවසයි. වෙළෙඳපොල ඉලක්ක කර ඵලදායිතාව ඉහල නැංවීම එහි අරමුණයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපය අද පෙරවරුවේ එක්වෙමින් ඔහු එම කරුණු සදහන් කළේය. ඒ යටතේ මඩකලපුව වාකරේ ප්‍රදේශයේ අක්කර 50 ක පිපිඤ්ඤා වගාවක් සිදුකර තිබේ. අක්කර 500 ක අන්නාසි වගා ව්‍යාපෘති දෙකක් මොණරාගල ප්‍රදේශයේ දැන් ක්‍රියාත්මකයි.
වර්තමානයේ පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හා තරුණ-තරුණියන් රැසකට බෝ නොවන රෝග වැළඳීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බව සංවාදයට එක්වු ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය. ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව හෙට සිට එලඹෙන 09 වැනිදා දක්වා කොළඹ 07 ග්‍රින්පාර්ත් හිදී පැවැත්වෙන ජාතික ආහාර සැණකෙලියේදී ජනතාව දැනුවත් කෙරෙන බව ඔහු සදහන් කළේය. කෙෘෂිකාර්මික නවීකරණ ප්‍රදර්ශනය එලඹෙන 11 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගි එන ක්‍රිකට් තරගාවලිය අද සිට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගි එන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තරගාවලියේ සත්කාරකත්වය දරයි. ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකක් යටතේ රටවල් අටක් එහිදී තරගවදි. පාකිස්ථානය සහ හොංකොං කණ්ඩායම ද බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ද බී-කාණ්ඩය යටතේ අද පාකිස්ථානයේදී තරග වදි. ඒ-කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව. ඉන්දියාව. ඇෆ්ගනිස්ථානය සහ ඕමානය තරගවැදීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය එලඹෙන 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවට ලැබි ඇති මුඵ විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 6

මේ වසරේ පලමු අර්ධයේදී ශ්‍රී ලංකාවට ලැබි ඇති මුඵ විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. චීනය. ඉන්දියාව. හොංකොං. මැලේසියාව සහ ස්විඩනය වැඩි විදේශ ආයෝජන සිදුකළ රටවල් වෙයි. ඉන් ඩොලර් මිලියන 898 යි දශම 2 ක් ආයෝජනය කර ඇත්තේ හම්බන්තොට වරාය සදහාය.

ශ්‍රිි ලංකා විවෘත කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ලබන මස 2 වැනිදා ඇරඹේ

ශ්‍රිි ලංකා විවෘත කණිෂ්ඨ ගොල්ෆ් තරග ජනවාරි 2 වැනිදා සිට 4 වැනිදා තෙක් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය මෙය සංවිධාන කරයි. 11 වන වරටත් ඊට අනුග්‍රහය ලබාදීමට ප්‍රිමා සමාගම ඉදිරිපත්ව සිටී. තරගාවලිය වයස් කාණ්ඩ 4 ක් ඔස්සේ පැවැත්වේ. මීට පෙර අවස්ථා 2 කදීම කණිෂ්ඨ ගොල්ෆ් ශුරතාව දිනා ගත්තේ දැනට ඇමරිකාවේ පදිංචිව සිටින විනෝද් වීරසිංහයි. ඔහු මෙවරද තරගාවලියට එක්වීමට පැමිණෙනු ඇත.

ඕබ්‍රී පිරිස් මහතා අන්තර්ජාතික තාක්ෂණික බොක්සිං නිලධාරියකු ලෙස පත් කෙරේ

ඕබ්ර්‍‍රී පීරිස් මහතා අන්තර්ජාතික තාක්ෂණික බොක්සිං නිලධාරියකු ලෙස පත්කරනු ලැබේ. අන්තර්ජාතික බොක්සිං සංගමය විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උපසභාපති ධූරය දරන ඕබ්‍රී පීරිස් මහතා මෙම ධූරයට පත්වූ ශ්‍රී ලංකාවේ පස්වන අන්තර්ජාතික බොක්සිං තාක්ෂණ නිලධාරියා වේ. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකාව මීට වඩා අවධානයෙන් ක්‍රියා කළ යුතු යැයි සෙනෙට් මන්ත්‍රීවරයෙකු කියයි.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සී අයි ඒ ආයතනය ඉදිරිපත් කළ කරුණු අනුව ඊට සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු වගකිව යුතු යැයි හෙලි වන බව ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී ලින්ඩ්සේ ග්‍රුහැම් මහතා පවසයි. මේ නිසා ඇමරිකාව අන්ධයෙකු සේ කටයුත.ු නොකර එහි වරකදරුවන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගතයුතු යැයි ඔහු පෙන්වා දෙයි. සෞදි අරාබිය ඇමරිකාවේ දැඩි හිතවාදියෙකු වුවත් මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව එරට රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුද පෙන්වා දෙති. මේ නිසා සෙනෙට් මන්ත්‍රීවරු ද දෙකඩ වී ඇතැයි සදහන් වේ.

ගල් අගුරු දහනයේ බලපෑමෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉතිහාසයේ ඉහලම අගයට

ගල් අගුරු දහනයේ බලපෑමෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉතිහාසයේ ඉහලම අගයට ළඟාවෙයි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 03 ක ඉහළ යාමක් බව චීන සමීක්ෂණ වාර්තා පවසයි . මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සංවර්ධිත රටවල් සිදුකරන ගල්අගුරු දහනය සහ විෂවායු වායුගෝලයට මුදා හැරිමයි. ගෝලිය උණුසුම ඉහළ යාම හේතුවෙන් ග්ලැසියර් දියවිමේ තර්ජනයද මතු වී තිබෙ.් කුඩා දුපත් ජලයෙන් යටවිම ඉදිරියේදි මුහුණදිමට සිදුවන බරපතලම ගැටඵව බව පරිසරවේදිහු පවසති. වායුගෝලිය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයද ඉහළ ගොස් ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇප මත මුදා හැරේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරුනි. ඊට අදාල නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවුනි. දැනට කරන විමර්ශනවලට බාධා කළහොත් ඇප අවලංගු කරන බව මහේස්ත්‍රාත්වරයා කීවේය. පැවැත්වෙන පරීක්ෂණවලට උපරිම සහාය ලබා දෙන ලෙසද නියෝග කෙරුනි.

දෙමළ ජාතික සන්ධානය තමන්ට අවනත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ලබා දුන් පොරොන්දු හෙලි කළ යුතු යැයි පිවිතුරු හෙල උරුමය කියයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට සහාය පළ කළ දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට සහාය නොදෙන බව කලින් ප්‍රකාශ කළත් දැන් එම මතය වෙනස් වීමට බලපෑ හේතු මොනවාදැයි පිවිතුරු හෙල උරුමය ප්‍රශ්න කර සිටී. දෙමළ ජාතික සන්ධානය එකග කර ගැනිමට එක්සත් ජාතික පක්ෂය ලබා දුන් පොරොන්දු හෙලි කළ යුතු බව පිවිතුරු හෙල උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උ.දය ගම්මන්පිල මහතා සදහන් කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් අග්‍රාමාත්‍ය ධුරය හෝ අමාත්‍ය ධුරවල පුරප්පාඩුවක් සිදුවී නොමැති බවද ගම්මන්පිල මහතා සදහන් කළේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණ බලයට පැමිණි අවස්ථාවක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන බවට ප්‍රකාශයක්.

ශ්‍රීී ලංකා පොදුජන පෙරමුණ බලයට පැමිණි අවස්ථාවක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ සියල්ලන්ටම වඩා බලවත් ජනතාව බැවින් මහා මැතිවරණයක් පැවැත්වීම වත්මන් අවශ්‍යතාව බවයි. 19 වැනි සංශෝධනය රාජ්‍ය පාලනයට ගැටඵ රැසක් ඇති කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියයි.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාල පෙත්සම දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුනි. නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පෙත්සම්කාර පාර්ශ්ව ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බවට චෝදනා එල්ල කර ඇති බවයි. එවැනි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38/2 අ වගන්තිය තුල මනාව පෙන්නුම් කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. එම වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ළංගණය වී ඇත්නම් ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයාට එල්ල කර ඇති චෝදනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතුය. ඉන් අනතුරුව එම චෝදනා පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාව කථානායකවරයා වෙත යොමු කළ යුතු වේ. එවැනි ක්‍රියාදාමයකින් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශනය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කල කාලයේදී ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශනය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදීමට නියෝග කෙරේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය සදහා වූ කොමිෂන් සභාව . ජනාධිපති ලේකම් කාර්යාලයට මෙම නියෝගය කර ඇත. වික්‍රමසිංහ මහතා සිය වත්කම් බැරකම් ලබාදීම දෙවතාවක් ප්‍රතික්ෂේප කර ඇත. දෙවතාවක් අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ අවස්ථාව ලබා දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා පවසයි.

රටේ අග්‍රාමාත්‍යධූරයේ පුරප්පාඩුවක් නොමැති බව අවධාරණය කෙරේ.

තවදුරටත් රටේ අගමැතිධූරය දරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා පවසයි. මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ අධිකරණ තීන්දුවෙන් සිදුවී ඇත්තේ එම ධූරයේ කටයුතු කිරීම වැලැක්වීම පමණක් බවයි. මේ හේතුවෙන් අගමැතිධූරයේ හෝ ඇමතිධූරවල කිසිදු පුරප්පාඩුවක් සිදු වී නොමැති බවද ඒ මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති ප්‍රජාතාන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි බව ජනාධිපතිතුමා පවසයි

එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති ප්‍රජාතාන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.
දිළිදුකම පිටුදැකීමේ වැඩපිලිවලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය.

උත්තරීතර ජනතා පරමාධිපත්‍යයට යටත්ව සියලු තින්දු තීරණ ගතයුතුයි - ප්‍රජාත්‍රාන්තික එකමුතු

පවතින දේශපාලන ව්‍යාකුලත්වයට විසදුම මහ මැතිවරණයක් බව ප්‍රජාත්‍රාන්තික එකමුතුව අවධාරණය කරයි. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි එම එකමුතුවේ සම කැදවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා සදහන් කළේ මෙම අර්බුදය විසදිම සදහා ව්‍යවස්ථාදායකය. විධායකය මෙන්ම අධිකරණයේ මැදිහත්විමක් අවශ්‍ය බවයි.

ගැටඵවට කඩිනම් විසදුමක් නොලැබුනහොත් සෝමාලියාව. කෙන්යාව වැනි රටක් බවට ශ්‍රි ලංකාව පත්විමේ අවදානමක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. ගැටඵ්වට විසදුම මහ මැතිවරණයක් නොවන්නේ නම් සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් මන්ඩලයක් මගින් ඒ සදහා පොදු විකල්පයක් ඉදිරිපත් කළ යුතු බව ඔහු සදහන් කළේය.

එවානි විකල්ප විසදුමකටද ප්‍රජාත්‍රාන්තික එකමුතුවේ සහාය ලබාදෙන බව ඔහු අවධාරණය කළේය වඩාත් උත්තරිතර වන්නේ ජනතා පරිමාධිපත්‍යයි. ඊට යටත්ව සියලු දෙනා තීන්දු තිරණ ගතයුතුව ඇතැයි ඒ මහතා අවධාරණය කළේය

පාර්ලිමේන්තුව යලි රැස්විම ලබන 12 වැනිදා

පාර්ලිමේන්තුව කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට රැසවිය කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු අද දින ද පාර්ලිමේන්තු රැස්විමට සහභාගි නොවුහ.

පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් දක්වමින් අගමැතිවරයා හා ඇමති මණ්ඩලය සම්බන්ධයෙන් කතානායකවරයා ගත් තිරණය අධිකරණය සනාථ කර ඇතැයි පැවසිය. රට ස්ථාවර කිරිමට කතානායකවරයා ගන්නා ක්‍රියාමාර්ග ඔහුගේ ඇගයිමට ලක්විය . රාජ්‍ය මාධ්‍ය ඒකපාර්ශ්විකව කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අජිත් පී. පෙරේරා. ජෝන් අමරතුංග හා පාලිත රංගේබණ්ඩාර යන මහත්වරු චෝදනා කළහ. ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනිමේ අවශ්‍යතාව ඔව්හු පෙන්වා දුන්හ

පාර්ලිමේන්තුව ලබන 12 වැනිදා පස්වරු 1.00 දක්වා කල් තැබිණි. අනතුරුව පාර්ලිමේන්තුව කල්දැමිමේ විවාදයක් ආරම්භ විය. විවාදය සදහා යෝජනාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දේශපාලන සිදුවිම් දාමය නිසා සිදුවී ඇති බලපෑම් පිළීබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතු බවත් රට ස්ථාවර කිරිමට පාර්ලිමේන්තුව උපරිමයෙන් ක්‍රියා කළ යුතු බවත් සදහන් කළේය.

වෙළෙඳපලේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

වෙළෙඳපලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහත වැටේ. රජය ලබාදුන් බදු සහන ලබාදිම ඊට හේතුව බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙලෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා කියයි.

නිතිපොතෙන් පමණක් රට ගැන තීරණ ගත නොහැකි බව මහා සංඝරත්නය පෙන්වා දෙති

රට තුළ ඇති වී තිබෙන ගැටඵකාරී තත්ත්වය විසදිය හැක්කේ මහ මැතිවරණයක් පැවැත්විමෙන් පමණක් බව සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ පවසති රටේ ගෞරවය ආරක්ෂා වන අයුරින් සාමකාමිව වත්මන් අර්බුදය විසදා ගත යුතුය.

සියලු ආගමික සංවිධාන මේ පිළිබඳව අවධියෙන් සිටිය යුතු බව උන්වහන්සේ පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරති සජිවි සංවාද ම ණ්ඩපයට අද එක්වෙමිනි . අන් සියල්ලටම පෙර රට ගැන සිතිය යුතුය. නිතිපොත ගැන පමණක් සිතා රට ගැන තීරණ ගත නොහැක. අන්තවාදි දේශපාලනය තුරන් කළ යුතුය. රටේ නිදහසට අභියෝග කිරිමට විදේශිකයන්ට ඉඩ නොතැබිය යුතුය. රට පාවාදිමට කිසිවෙකු හෝ කටයුතු නොකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ .

පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ අදහස් දක්වමින් පාලකයන් රට මෙන්ම ජනතාව ගැන සිතා සන්සුන්ව තිරණ ගත යුතු බව සදහන් කළහ. මේ මොහොතේ ජනතාවගේ හැසිරිම සැබවින්ම අගය කළ යුතුය. මේ තත්ත්වයෙන් වාසි ලබාගෙන ඇත්තේ විදේශිය බලවේග හා දේශිය වශයෙන් රට බෙදිමට උත්සාහ දරන පිරිස් බව ද උන්වහන්සේ පැවසුහ .

පූජ්‍ය කෝන්පිටියේ සුසිල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ මෙතෙක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමාට ප්‍රශංසා කළ යුතු බවයි .පසුගිය රජය සමයේ ජනතා බලාපොරොත්තු ඉටු නොවිය. රටේ සම්පත් විකිණිමට ක්‍රියා කෙරිණි. . එබැවින් ජනාධිපතිතුමා ගත් තීරණය කාලෝචිතය. රට රකින පිරිසට රට භාරදිය යුතු බව ද උන්වහන්සේ පැවසුහ.

පෞද්ගලික බස් ගාස්තු අඩු කෙරේ

පෞද්ගලික බස් ගාස්තුව තවදුරටත් අඩු කෙරේ .ජාතික ගමනාගමන කොමිසම සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් අතර අද පැවති සාකච්ඡාවේ දි මෙම තීරණයට එළඹි බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති එම්.ඒ. පි. හේමචන්ද්‍ර මහතා පවසයි.

මිලගණන් අඩු කරන ආකාරය පිළිබඳව ලබන 21 වැනිදා තීරණය කෙරේ . අධිවේගි මාර්ගවල ධාවනය වන බස්රථ ගාස්තු අඩුකිරිම සම්බන්ධවද අවධානය යොමු වී තිබෙ.