Sat08242019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජාත්‍යන්තරය හමුවේ හිමිකරගෙන ඇති කිර්තිනාමය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවට කථානායකවරයාගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජාත්‍යන්තරයේ හිමිකරගෙන ඇති කිීර්තිනාමය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව කථානායක කරු ජයසුරිය මහතා කියයි. මෙරට පාර්ලිමේන්තුව ලෝකයේ සෙසු පාර්ලිමේන්තුවලට ආදර්ශ සැපයු ස්ථානයක් බව ඔහු සදහන් කළේ පාර්ලිමේන්තු සංකිීර්ණයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි. පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ දුදරුවන්ට ශීෂ්‍යත්ව සහ පාසල් පොත් උපකරණ පිරිනැමීම නිමිත්තෙන් උත්සවය පැවැත්විණි. පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදුවු අමිහිරි සිදුවීම් පිළිබඳව සිහිපත් කළ කථානායකවරයා මහජන ඡන්දයෙන් තේරී පත්වු නියෝජිතයන් පාර්ලිමේන්තුවේ දේපොලවලට හානි සිදුකිරීම වැනි සිද්ධි කිසිසේත් අනුමත කළ නොහැකි බව පෙන්වා දුන්නේය. රටේ උත්තරීතර ආයතනය තුළ එවැනි දේ සිදුවන්නේ කෙසේදැයි කථානායකවරයා ප්‍රශ්න කළේය.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාද එම අවස්ථාවට සහභාගී විය. පාර්ලිමේන්තු සුබසාධන සහ විශේෂ ව්‍යාපෘති කමිටුව උත්සවය සංවිධාන කර තිබිණි.

දුම්රියේ ගැටී වන අලීන් මියයාම වැළැක්වීමට නව වැඩපිළිවෙලක්

දුම්රියේ ගැටී වනඅලින් මියයාම වළක්වා ගැනීම සදහා නව වැඩපිළිවෙලක් ඇරඹෙයි.  එවැනි අවදානම් තත්වයන් පිළිබඳව 070 444 54 54 යන අංකයට  ජංගම දුරකථන කෙටි පණිවුඩයක් මගින් දැනුම් දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව  පවසයි.  එම කෙටි පණිවුඩය දුම්රිය පාලක මැදිරිය ඇුතුඵ සමස්ත පද්ධතියටම ක්‍ෂණිකව ලැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.  ඊයේ සිට නව වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.  වසරේ ගතවුණු කාලය තුළ දුම්රියේ ගැටී වනඅලින් 13 දෙනෙකු මියගොස් තිබේ

කුඩා දරුවන්ට තම උපන්දිනය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සැමරීමට අවස්ථාව


දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹිමට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව මේ දිනවල ඉහල ගොස් ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පවසයි. පාසැල් නිවාඩු සමය සහ උත්සව සමය මිට ප්‍රධාන හේතුවයි. පසුගිය ඉරිදා සත්ව උද්‍යානයට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ අට ඉක්මවීය.. සත්වෝද්‍යානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කෙරුණු බවද අධ්‍යක්‍ෂවරිය සදහන් කළාය.
සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රි 10.00 තෙක් සත්වඋද්‍යානය විවෘත පවතී. . ළමුන්ගේ උපන්දින සැමරිම සදහා ද දැන් සත්වෝද්‍යානයේ ඉඩකඩ සලසා ඇතැයි අධ්‍යක්‍ෂවරිය කියයි. ඒ සදහා වෙනම ස්ථානයක් වෙන්කර තිබේ. සතුන්ගේ සහභාගිත්වයෙන් උපන්දිනයක් සැමරිම සදහා රුපියල් පන්දහසක් අය කෙරේ. දුරකථන අංක 0112712751 මගින් සහකාර අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනි මහත්මිය ඇමතීිමෙන් එම අවස්ථා වෙන්කර ගැනිමට හැකි බවද ධම්මිකා මල්සිංහ මහත්මිය පැවැසුවාය.

ජංගම දුරකථනවල තිරය දෙස වැඩි වේලාවක් බලා සිටීමෙන් ළමා මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වන බව ජාත්‍යන්තර පර්යේෂණයකින් හෙලිවෙයි

ජංගම දුරකථන සහ පරිගණක උපාංගවල තිරය දෙස වැඩි වේලාවක් බලා සිටීමෙන් ළමයින්ගේ මොළයේ භෞතික ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවන බව පර්යේෂණයකින් හෙලිවෙයි.  අමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය  මෙම පර්යේෂණය සිදුකර තිබේ. අවුරුදු 9 ත් 10 ත් අතර ළමයින් එකලොස්දහසක් ඒ සදහා යොදාගෙන තිබේ.  පර්යේෂණය සදහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලයන 300

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන්පුර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්පුර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.  මේ අනුව ඒ කොටසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවද බී කොටසින් බංග්ලාදේශය සහ පාකිස්තානයද අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

විභාග වංචාවක් සම්බන්ධයෙන් සිසුවෙකු සහ ගුරුවරියක අත්අඩංගුවට

ජංගම දුරකතනයක් භාවිත කරමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයු සිසුවෙක් සහ ඊට සහාය දුන් ගුරුවරියක් අත්අඩංගුවට පත් වෙති. බලංගොඩ ප්‍රදේශයේ පාසලක බාහිර අයදුම්කරුවෙකු වෙනත් පාසලක විභාග රාජකාරිවල නිරතව සිටි ගුරුවරියක සමග කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් ඊයේ පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලසිත් මාලිංග යළිත් අයි. පී. එල් පිටියට පැමිණෙන ලකුණු

ඉන්දීය ප්‍රිමියර්ලිග් ක්‍රිකට් තරගාවලියේ ලබන වසරේ තරගාවලිය සදහා ග්ලේන් මැක්ස්වෙල් සහ ආරොන් ෆින්ච් එක් නොවන බව වාර්තාවෙයි. ලබන වසරේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියානු පිල තරගමාලා රැසකටම සහභාගීවීම ඊට හේතුවයි. ඉන්දීය රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුත් ක්‍රිඩක ලයිස්තුවට ලසිත් මාළිංග සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටිති.

ඉකුත් තරගවාරයේදී මාළිංග පුහුණු උපදේශකවරයෙකු ලෙස ක්‍රියාකළත් මෙවර ඔහු තරග අතරට පිවිසිමේ වැඩි ඉඩක් පෙන්නුම් කරන බව වාර්තාවෙයි. මේ අතර දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නම දිල්ලි කැපිටල් ලෙස වෙනස් කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇති අතුරු තහනම හෙට දිනය දක්වා කල්යයි. - පෙත්සම් විභාගය අදත්.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තවත් දිනකින් දිර්ග කළේය. ඒ අනුව අද දක්වා ක්‍රියාත්මක වු අතුරුතහනම හෙට දක්වා දිර්ග කර ඇත. ඒ පිළිබඳව ඉදිරිපත් වු පෙත්සම් විභාගය තවත් දිනකින් දිර්ග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා මෙසේ අතුරු තහනම දිර්ග කරනු ලැබීය. ඒ අනුව පෙත්සම් විභාගය අදත් පැවැත්වේ.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් ඊයේ 3 වන දිනටත් අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණි. අතරමැදි පාර්ශවකරුවන්ගේ කරුණු දැක්වීම එහිදී සිදුකෙරුණි. පෙත්සම් විභාගය ආරම්භ කරමින් මුලින්ම පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම ඉකුත් අගහරුවාදා සිදුවු අතර පෙරේදා නිතිපතිවරයා සිය කරුණු දැක්වීම සිදුකළේය. අතරමැදි පෙත්සම්කරුවෙකු වන උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම් සියල්ල නිශ්ප්‍රභ කරන ලෙසයි. පෙත්සම්වලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත්වී ඇති බවද ඔහු කීවේය.

උත්සව සමය වෙනුවෙන් ලබන 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා

එලඹෙන උත්සව සමය වෙනුවෙන් ලබන 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. ජනවාරි 02 දක්වා එය ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි. එමෙන්ම ලබන 15 වැනිදා සිට කෙටි ගමන් සේවා සංඛ්‍යාව ද වැඩි කෙරේ. එය ජාඇල. වෙන්නප්පුව හා මීගමුව යන ප්‍රදේශවල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

අද සිට ලබන මස 05 වැනිදා දක්වා කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරේ. පෙරවරු 7.30 ට කොටුවෙන් පිටත්වන දුම්රිය පස්වරු 5.00 ට බදුල්ලට ලගාවෙයි. පාසල් නිවාඩු කාලයේදී දරුවන්ට විනෝදචාරිකා යාම සදහා මෙය විශේෂයෙන් යොදවා තිබේ. මේ සදහා කලින් ආසන වෙන්කර ගැනීමට අවශ්‍ය නොවේ. පළමු පන්තිය සදහා දුම්රිය මැදිරි 3 ක් වෙන්කර ඇත. තුන්වැනි පන්තිය සදහාද වැඩි මැදිරි සංඛ්‍යාවක් යොදවා තිබේ.

නැගි එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය කොළඹදී අද

නැගි එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී අද පැවැත්වේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ඒ-කොටසින් තරගවදි. ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව යන රටවල් ද එම කොටසට ඇතුලත් වෙයි.

සමබර කණ්ඩායමක් සමග හොඳ තරගයක් ලබාදීමට සුදානම් බව නැගිඑන ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ජාත්‍යන්තර තරගවලට සහභාගිවු ක්‍රිඩකයෝ රැසක්ද මෙම සංචිතයට ඇතුලත් වෙති. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ සම සත්කාරකත්වය දරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොලේ අද ගණුදෙනුවලදී සියඵ කොටස් මිලදර්ශකය ඒකක 35 යි දශම 3 කින් ඉහළ ගියේය.

මාලදිවයින යළිත් පොදු රාජ්‍ය මණ්ඩලයට

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් හා එක්වීමට මාලදිවයින් රජය තීරණය කරයි. ඒ සදහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී එකගතාව පලවී තිබේ. මේ සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබු අතර අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඉකුත් රජය සමයේ මාලදිවයින ඉන් ඉවත්විය. නව තත්වය හමුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලට සහභාගීවීමටද එරට ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට අවස්ථාව ලැබේ

ප්‍රංශයේ අයිෆල් කුථණ හෙට වසා දැමේ

පැරිස් නගරයේ අයිෆල් කුථණ හෙට දිනයේ වසා දැමීමට එරට බළධාරීහු තීරණය කරති. ප්‍රංශ රජයට විරෝධය පළ කරමින් සංවිධාන කර ඇති මහජන උද්ඝෝෂණ සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බව ඔවුහු පවසති. මෙම උද්ඝෝෂණ සැලකිල්ලට ගෙන ප්‍රංශයේ ආරක්ෂාව තර කර ඇති අතර රට පුරා පොලිස් නිළධාරීහු අසු නව දහසක් රාජකාරී සදහා යොදවනු ලැබ සිටිති. පැරිස් නගරයේ සන්නද්ධ රථ ද ආරක්ෂාව සදහා යොදා ඇතැයි අගමැති එඩුවර්ඩ් පිලිපේ මහතා පවසයි. නගරයේ අවහන්හල් සහ කඩසාප්පු හෙට දිනයේ වසා තබන ලෙසද පොලිසිය දැනුම් දී ඇත. මහජන උද්ඝෝෂණ සමග ප්‍රචන්ඩකාරි වාතාවරණයක් මතුවිය හැකි බවට ප්‍රංශ රජය බිය පලකරයි. රජය ඉන්ධන සඳහා අයකරන බදු ඉහළ දැමිමට තීරණය කිරීමත් සමග රට පුරා උද්ඝෝෂණ ආරම්භ විය. කෙසේ වෙතත් මේ වන විට රජය එම තිරණය ඉවත්කරගන්නා බවට ප්‍රකාශ කර තිබේ.

සේනා දළඹු හානිය දිවයිනපුරා පැතිර යයි. අවධානයෙන් පසුවන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවවාද කරයි

මෑතකදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවු දළඹු හානිය මේ වනවිට දිවයිනපුරා පැතිර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මුලින් බඩඉරිගු වගාවටත් පසුව සෙසු බෝගවලටත් මෙම දළඹු හානිය වාර්තාවී තිබේ. මේ පිළිබඳව සමස්ත ගොවි ප්‍රජාව අවධානය යොමු කළ යුතුව ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි. මුලින් මෙම දළඹුවා ඇමෙරිකාවෙන් වාර්තාවු අතර ඉන් අනතුරුව අප්‍රිකානු රටවලටත්. මෑතකදී ඉන්දියාවටත් ව්‍යාප්තවී තිබේ. සේනා නැමති දළඹුවා ඇති කරන පිලවා එක් රාත්‍රියකදී කිලෝමිටර් 100 ක් දුර ගමන් කිරීමට සමත් වෙයි. මේ හේතුවෙන් දළඹු හානිය දිවයිනපුරා ව්‍යාප්තවී තිබේ. කෘෂිකර්ම අමාතයංශය මේ පිළිබඳව දැඩි අවධානය යොමුකර සෑම පළාතකම ක්‍ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. සියයට 50 ක සහනාධාරයක් යටතේ කෘමි නාශක ලබාදෙන අතර මර්දනයට අවශ්‍ය උපදෙස් ක්‍ෂේත්‍ර නිලධාරින් මගින් ලබා දෙයි. වැඩි විස්තර ලගම ඇති කෘෂි නිලධාරින්ගෙන් හෝ කෘෂි කාර්යාලවලින් ලබාගත හැකිය.

මහවැලි ජලාශ රැසක ජල ධාරිතාව ඉහළට

පවතින අධික වර්ෂාවත් සමග මහවැලි අධිකාරිය මගින් පාලනය කෙරෙන ජලාශ රැසක ජල ධාරිතාව සියයට 80 ඉක්මවා තිබේ. මොරගහකන්ද ජලාශයේ ධාරිතාව සියයට සියය මට්ටමේ පවතී. රන්දෙනිගල . පොල්ගොල්ල. උඩවලව ජලාශවලද ජල මට්ටම සියයට 90 ඉක්මවා ඇත.

මේ වසරේදි රුපියල් බිලියන 5 කට වැඩි හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

මේ වසරේ ගෙවුනු කාලයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 5 කට වැඩි බව පොලිසිය සදහන් කරයි. එම කාලය තුළදී හෙරොයින් කිලෝග්‍රුම් 430 ක් පොලිස් භාරයට ගෙන ඇත.

හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් 37 දහස් 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරටින් හමුවු දෙවන විශාලතම හෙරොයින් තොගය ඊයේ බේරුවල ප්‍රදේශයෙන් හමුවිය.

එක්සත් ජාතික පක්‍ෂය නැවතත් විදෙස් තානාපතිවරුන් හමුවෙයි

එක්සත් ජාතික පක්‍ෂය යළිත් කොළඹදී විදෙස් තානාපතිවරුන් හමුවිය. රටේ ඇතී වි තිබෙන වත්මන් තත්වය දැනුම්දීම සදහා මෙය කැදවා තිබුණි.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ලොව ප්‍රමුඛතම රටවල මෙරට සිටින සියඵම තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු සහභාගීවුහ.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ අදහස් දැක්වීමෙන් පසු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පැවසුවේ ජනාධිපතිතුමා අවසානයේදී නිවැරදි දේ කරනු ඇතැයි තම රටවල අපේක්ෂාව බවයි.

නිත්‍යානුකුල සහ ව්‍යවස්ථානුකුල නොවන අයුරින් පාර්ලිමේන්තුව රැස් කළ පාර්ශවයන්ට එරෙහිව ඉදිරියේදී නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි

පසුගිය දිනවල පාර්ලිමේන්තුව රැස්වුයේ නිත්‍යානුකුලව සහ ව්‍යවස්ථානුකුලව නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි. එබැවින් ඊට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව ඉදිරියේදී නිීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා බත්තරමුල්ලේ එම පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කිවේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනෙවිරත්න මහතා මෙහිදී කියා සිටියේය.

දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට තර්ජනය කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා කියයි

දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට තර්ජනය කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ මස 30 වැනිදා තෙක් ගැටඵවකින් තොරව රාජ්‍ය සේවය සදහා වැටුප් ගෙවිය හැක. එමෙන්ම දේශිය. විදේශීය ණය ගෙවීමටත් ජනතාවට අනෙකුත් සහන ලබාදීමටත් හැකියාව ඇති බව ඔහු අද පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ බලය වැඩිකිරීමට ගොස් එය අඩුවී ඇති බවයි. විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමට ගොස් එහි බලතල වැඩිවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. අද දක්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කොටස් වශයෙන් සිදුකරන සංශෝධන නතර කොට සම්පුර්ණයෙන් සංශෝධනයට ලක් කළයුතු බව ඔහු කියා සිටී.

රාජ්‍ය සේවකයන් බිය ගන්වා රාජ්‍ය යාන්ත්‍රණය බියගැන්වීම එක්සත් ජාතික පක්‍ෂයේ අරමුණ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කීවේය. රාජ්‍ය සේවක ගෞරවය ආරක්‍ෂා වනපරිදි නීතිරිති සකස් කරන බවද ඔහු සදහන් කළේය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුවට ඇති අතුරු තහනම දිනකින් දිගු කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය අද තවත් දිනකින් දිර්ග කළේය. ඒ අනුව හෙට දක්වා ක්‍රියාත්මක වු අතුරුතහනම 8 වැනිදා දක්වා දිර්ග කර ඇත.

ඒ පිළිබඳව ඉදිරිපත් වු පෙත්සම් විභාගය තවත් දිනකින් දිර්ග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා මෙසේ අතුරු තහනම දිර්ග කරනු ලැබීය. ඒ අනුව පෙත්සම් විභාගය හෙටත් පැවැත්වේ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් අද 3 වන දිනටත් අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණි. අතරමැදි පාර්ශවකරුවන්ගේ කරුණු දැක්වීම අද සිදුකෙරුණි.

පෙත්සම් විභාගය පෙරේදා ආරම්භ කරමින් මුලින්ම පෙත්සම්කරුවන්ගෙ කරුණු දැක්වීම සිදුවු අතර ඊයේ දිනයේදී නිතිපතිවරයා සිය කරුණු දැක්වීම සිදුකළේය. අතරමැදි පෙත්සම්කරුවෙකු වන උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම් සියල්ල නිශ්ප්‍රභ කරන ලෙසයි. පෙත්සම්වලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත්වී ඇති බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය තුන්වැනි දිනටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය. මෙම පෙත්සම් විභාග කෙරෙන්නේ අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය. පෙත්සම් විභාගය පසුගිය අගහරුවාදා ආරම්භ විය.