Tue05262020

Last updateSat, 22 Feb 2020 6pm

World News

පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතාට වසර 10 ක සිරදඩුවමක්

පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතාට වසර 10 ක සිරදඩුවම් නියම කෙරේ.  ලන්ඩනයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 4 ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දුෂණ චෝදනා එල්ල වී තිබිණි.  පකිස්ථාන අධිකරණය අද නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේය  නවාස් ෂරීෆ් මහතාගේ දියණිය වන මාරියාන් ෂරීෆ්ටද වසර 7 ක සිරදඩුවම් නියම කෙරිණ.  හිටපු අගමැතිවරයාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට ද වසරක සිරදඩුවම් නියම කර තිබෙ.  කෙසේ වෙතත් තමාට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අගමැතිවරයා ඒවා දේශපාලන අරමුණු වෙනුවෙන් නැගු ඒවා බව සදහන් කරයි.

ඉදිරියේ දී රට තුළ විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි මෙක්සිකෝ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ වාමාංෂික අපේක්ෂකයා ප්‍රකාශ කරයි

ඉදිරියේ දී රට තුළ විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි මෙක්සිකෝ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ වාමාංෂික අපේක්ෂක ඇන්ඩ්‍රිස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රාඩෝ මහතා පවසයි.  දුෂණය පිටුදකින බවට ඔහු ප්‍රතිඥා දෙයි.  සමාජ අසමානතාව තුරන් කරමින් ප්‍රචන්ඩත්වය පිටුදැකීමට ක්‍රියා කෙරේ. වැඩිහිටියන්ගේ විශ්‍රාම දීමනා දෙගුණයකින් ඉහළ නංවන බවත් ඇමරිකාව සමග හොද හිත වර්ධනය වන ආකාරයෙන් සබදතා පවත්වාගෙන යන බවටත් හෙතෙම පවසයි.  ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් සියයට 53 කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ලෝපෙස් ඔබ්රාඩෝ මහතා සමත්විය.

පාර්ලිමේන්තුවට කාන්තාවන් වැඩිපුර අවශ්‍ය බව ජගත් මහ ලේකම්වරයා කියයි

පාර්ලිමේන්තුවට වැඩිපුර  මන්ත්‍රිවරියන් බිහිවනු දැකීම තම ප්‍රධාන බලාපොරොත්තුවක් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනිස් ගුටරේස් මහතා පවසයි.  අදට යෙදි ඇති අන්තර්ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඒ බව කියා සිටියේය.  වර්තමානයේ ලෝක පාර්ලිමේන්තුව තුළ බහුතරය මන්ත්‍රිවරුන්ය.  එහෙත් කාන්තාවන් ද වැඩිපුර ඒ සදහා එක්කර ගැනීමෙන්  ගැටඵ නිරාකරණය කර ගැනීමට ඔවුන්ගේ දායකත්වය ද ලබාගත හැකිය. මන්ත්‍රිවරියන් බිහිකර ගැනීම උදෙසා තම සහයෝගය නිරන්තරයෙන් ලෝක ප්‍රජාවට ලැබෙන බවද ඔහු කියා සිටි.

ඇමරිකා-රුසියානු රාජ්‍ය නායක හමුව ආවරණයට මාධ්‍යවේදීන් දෙදහසක්

රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් හා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී ලබන 16 වෙනිදා හමුවෙති. දෙරට අතර සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව මෙන්ම ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ගැටඑ පිළිබඳව ද මෙම හමුවේදී ඔවුන්ගේ අවධානය යොමු වනු ඇත. මෙම හමුව ආවරණය කිරීම සඳහා දෙදහසකට අධික මාධ්‍යවේදීන් පිරිසක් හෙල්සින්කි නුවර පැමිණෙනු ඇති බවට ෆින්ලන්ත විදේශ අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ඇමරිකාවේ මේරිලන්ඩ් හි පුවත්පත් කාර්යාලයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෝ පස් දෙනෙක් මිය යති

ඇමරිකාවේ මේරිලන්ඩ් හි පුවත්පත් කාර්යාලයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෝ පස් දෙනෙක් මිය යති.  තවත් පිරිසක් තුවාල ලබා ඇත.   සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  ඔහුගෙන් මේ පිළිබදව ප්‍රශ්ණ කරන බව පොලිසිය පවසයි.

Subcategories