Mon07232018

Last updateWed, 11 Jul 2018 10am

World News

තායිලන්තයේ ලෙනක සිරවී සිටින ළමයින් බේරා ගැනීමේ මෙහෙයුමේ තවත් අදියරක් අද

තායිලන්තයේ ලෙනක සිරවී සිටින ළමයින් බේරා ගැනීමේ මෙහෙයුම් පැය 10 ක කාලයක් සඳහා අත්හිටුවීමට ඊයේ පස්වරුවේ බලධාරීහු තීරණය කළහ. ලෙන තුළ සිටි ළමයින් සිව් දෙනෙකු ඉන් පිටතට ගැනීමට සහන සේවකයෝ ඊයේ සමත් වූහ. එලෙස පිටතට පැමිණි සංඛ්‍යාව හයක් වශයෙන් ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබිණි. කිමිදුම්කරුවෝ 90 දෙනෙක් ළමයින් බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධව සිටිති. ඒ අතරින් 50 දෙනෙකු විදේශිකයෝ වෙති. මෙම කටයුතු අපේක්ෂා කළ ආකාරයටත් වඩා සාර්ථකව සිදුවන බව පළාතේ ආණ්ඩුකාරවරයා පවසයි. අද දිනයේ නියමිත මෙහෙයුම් වැඩසටහනට ද පැය 10 ත් 20 ත් අතර කාලයක් ගතවනු ඇති බව ඔහු කියයි. මෝසම් වැසි හේතුවෙන් ලෙනෙහි පිවිසුම් මාර්ග ජලයෙන් යට වී තිබේ. සියලු ජලය හිස් කිරීමට හැකියාවක් නොවීය. පිටවීමේ ස්ථාන කරා ළගවීමේදී යම් දුරක් පයින් ගමන් කිරීමටත් යම් දුරක් දිය යටින් පිහිනා යාමටත් ළමයින්ට සිදුවී තිබේ. ඔවුන්ට කිමිදුම් උපකරණ සපයා ඇති අතර අත්දැකීම් බහුල කිමිදුම්කරුවෝ ආරක්ෂාව සපයති.  දොලොස් දෙනෙකුගෙන් සමන්විත මෙම ළමයින් කණ්ඩායම සිය පුහුණුකරුද සමග ලෙන තුළ සිරවූයේ පසුගිය මස 23 වෙනිදාය. ලෙනේ පිවිසුම් දොරටුවේ සිට කිලෝ මීටර් පහක් පමණ දුරින් ඔවුන් සිරවී සිටින බව හඳුනාගන්නා ලද්දේ දින 10 කට පසුවය.