Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

World News

ඊජිප්තු නව රජයේ අමාත්‍ය මණ්ඩලයට වැඩි කාන්තා නියෝජනයක්

ඊජිප්තු නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ කාන්තා නියෝජනය වැඩි විය හැකි බව එරට මාධ්‍ය පෙන්වා දෙයි. ජනාධිපති අස් සිසී දෙවෙනි වරටත් බලයට පැමිණීමෙන් පසු පැවති රජය විසුරුවා හැරිණි. ඒ අනුව නව රජයක් පිහිටුවන ලෙසට පසුගිය රජයේ නිවාස අමාත්‍ය ධුරය දැරූ මුස්තාෆා මැඩ්බුලී ට උපදෙස් ලැබිණි. අමාත්‍ය මණ්ඩලය 34 සිට 24 දක්වා අඩු කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ.