Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

World News

උතුරු කොරියානු නායක හමුව සාමයට ඉතා හොද අවස්ථාවක් බව අමෙරිකානු ජනපති පවසයි

 

උතුරු කොරියානු නායකයාගේ හමුව සාමය සදහා ඉතා හොද අවස්ථාවක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. නායක දෙපළ අතර සාකච්ඡා සිංගප්පුරුවේ දී ලබන අගහරුවාදා පැවැත්වේ. කැනඩාවේ පැවති ජී හත රටවල රාජ්‍ය නායක සමුථවට සහභාගීවීමෙන් පසු ට්‍රම්ප් මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා රැගත් ගුවන්යානය පියොන්යැන්ග් සිට සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. ඔහු අද සිංගප්පුරුවට පැමිණෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සාකච්ඡා වෙනුවෙන් සිංගප්පුරුවේ ආරක්ෂාව තර කර තිබේ. සාකච්ඡා පැවැත්වෙන සෙන්තොසා දුපත විශේෂ කලාපයක් ලෙස අද සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක බව එරට රජය පවසයි. උතුරු කොරියානු නායකයා නතරවන හෝලටය අවට ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
====
ලොව දුගීබවින් පීඩා විදින ගැහැණු ළමයින් සහ කාන්තාවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සදහා ඇමරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් ලබා දීමට කැනඩාව අපේක්ෂා කරයි. ඒ සදහා ජී හත රටවල සහාය ලබා ගන්නා බව එරට රජය සදහන් කරයි. මෙමගින් ලොව පුරා අධ්‍යාපනය සදහා සැමට සම අයිතිවාසිකම් මෙන්ම ඉගෙනීමට අවස්ථාව ලබා දීමට හැකි වනු ඇතැයි කැනඩාව වැඩිදුරටත් සදහන් කරයි.
====
ඉතියෝපියානු අගමැති අබි අහමඩ් මහතා දෙදින සංචාරයක් සදහා අද ඊජිප්තුවට පැමිණෙයි. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසි මහතා ඇතුථ එරටේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවි්ී දෙරටට වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙතෙම අපේක්ෂා කරයි