Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

World News

ඇමරිකානු උතුරු කොරියානු ඵෙතිහාසික නායක හමුව ලබන අගහරුවාදා සිංගප්පුරුවේ දී

 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් මහතා අතර ඵෙතිහාසික හමුව සිංගප්පුරුවේ සෙන්තෝසා දුපතේ සංචාරක හෝටලයකදිී ලබන අගහරුවාදා සිදු වෙයි. බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු හමු වු ප්‍රථම අවස්ථාව ලෙස ලෙස ඉතිහාසයට එක්වනු ඇත. දැන් කැනඩාවේ පැවැත්වෙන ජී 7 සමුඵ්වට සහභාගි වී සිටින ඇමරිකානු ජනාධිපතිවරයා අද සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතයි. උතුරු කොරියානු නායකයා හෙට සිංගප්පුරුවට පැමිණීමට නියමිතව තිබෙ.් මේ අතර මෙම නායක හමුව පැවැත්වෙන කාලසීමාවේ දී තම ගුවන් කලාපය සීමා කරන බව සිංගප්පුරු ගුවන් සේවා බලධාරීහු පවසති. ඒ අනුව ආසියාවේ කාර්ය බහුලතම ගුවන් තොටුපලක් වන වන්ගි ගුවන් තොටුපලේ ගුවන් ගමන්වල ප්‍රමාදයක් සිදුවිය හැකි බව දැනුම් දී තිබෙ.් සිංගප්පුරු රජය නායක හමුව සදහා ආරක්ෂාව ද තර කර ඇත.
====
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් කැරලිකරුවෝ රාමසාන් උත්සවය වෙනුවෙන් දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරති. එය ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා සදහා ක්‍රියාත්මක වන අතර විදේශිය හමුදාවලට එය අදාල නොවන බව කැරලිකරුවෝ පවසති. රාමසාන් සමයේ සියලු ප්‍රහාර අත්හිටුවන්නැයි කැරලි කණ්ඩායම තම සාමාජිකයන්ට දැනුම් දිී තිබේ. එහෙත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඔවුහු පවසති. 2011 දී එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව තලේබාන් කැරලිකරුවන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.