Tue07172018

Last updateWed, 11 Jul 2018 10am

World News

ඇමරිකානු හා උතුරු කොරියානු රාජ්‍ය නායක හමුව නොපැවැත්වෙන ලකුණු

ලබන මස 12 වෙනිදා පැවැත්වීමට නියමිත උතුරු කොරියානු හා ඇමරිකානු රාජ්‍ය නායකයන් අතර සමුඑව නොපැවැත්වීමේ ලකුණු පහළ වෙයි. දකුණු කොරියාව සමග අද පැවැත්වීමට නියමිතව තිබූ ඉහල පෙළේ සමුඑව ද උතුරු කොරියාව විසින් අවලංගු කර තිබේ. ඇමරිකාව හා දකුණු කොරියාව සමග එක්ව පැවැත්වීමට සැළසුම්කර ඇති ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය පළ කිරීමක් වශයෙන් උතුරු කොරියාව මෙම තීරණයට එළඹ ඇත. මෙම යුද අභ්‍යාසය උතුරු කොරියාව ආක්‍රමණය කිරීමේ පෙරහුරුවක් වශයෙන් උතුරු කොරියානු පාලනය හඳූන්වයි.