Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

World News

අවි නිරීක්‍ෂකයන්ට සිරියාවේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල වු ප්‍රදේශයට ඇතුඵවීමට අවසර

සිරියාවේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල වු බව කියන ඩුමා ප්‍රදේශයට ඇතුඵවීමට ජ්‍යන්තර අවි නිරීක්‍ෂකයන්ට අවසර ලැබේ.  ඔවුන් සිරියාවට පැමිණියේ පසුගිය සෙනසුරාදායි.  එහෙත් මේ දක්වා ඔවුන්ට ඩුමා නගරයට ඇතුඵවීමට සිරියානු රජය අවසර දී නොතිබිණි.  පසුගිය 07 වැනිදා එල්ල වු බව කියන එම රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය . බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඒකාබද්ධව පසුගිය සෙනසුරාදා සිරියාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.  සිරියාව සහ රුසියාව රසායනික අවි ප්‍රහාරයක් එල්ල වු බවට කෙරෙන ප්‍රචාර ප්‍රතික්ෂේප කරයි.