Mon07162018

Last updateWed, 11 Jul 2018 10am

World News

සිරියාවේ රසායනික අවි ගබඩා ඉලක්ක එක්සත් ජනපදය හා හිතවත් රටවලින් ප්‍රහාර

එක්සත් ජනපදය බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සිරියාවේ රසායනික අවි ගබඩා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි . අද පෙරවරුවේ එම ප්‍රහාර එල්ල කෙරිණි. පසුගිය දා සිරියාවේ ඩුමා නගරයට එල්ල වු රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කර තිබේ. ඩැමස්කස් අගනුවර ස්ථානයකට හා හොම්ස් නගරය ආසන්න ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කෙරුණු බව පෙන්ටගනේ කියයි. මේ අතර එක්සත් ජනපදයේ සිටින රුසියානු තානාපතිවරයා පැවසුවේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරවලට මුහුණ දිමට එක්සත් ජනපදය ප්‍රමුඛ රටවලට සිදුවනු ඇති බවයි.