Sat02232019

Last updateThu, 14 Feb 2019 9am

World News

ඉන්දියාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුම් අටකට අත්සන් තැබේ

ඉන්දියාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුම් අටකට අත්සන් තැබේ.  ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක සංචාරයක නිරත ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඕමානයේ කාබුස් බින් සයිඩ් සුල්තාන්වරයා හමුවු අවස්ථාවේදී මෙම ගිවිසුම් වලට අත්සන් තැබිණ.  ආරක්ෂක. සෞඛ්‍ය හා සංචාරක යන ක්ෂේත්‍ර වලට අදාලව එම ගිවිසුම් ක්‍රියාත්මක වේ.  ඊට අමතරව සිවිල් සහ වාණිජ කරුණු වලට අදාලව අධිකරණ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ද මෙහිදී ගිවිසුමකට එළඹ ඇත.  මෙම සංචාරයේදී අගමැතිවරයා මස්කට් හි පිහිටි අවුරුදු 125 ක් පැරණි ෂිව කෝවිලක් නැරඹීමට ද අද එක්විය.  එය ගුජරාට් හි වෙළද ප්‍රජාව විසින් ඉදිකරන ලද්දකි.