World News
මාලදිවයින් අර්බුදය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඉන්දිය අගමැති සමග සාකච්ඡා කරයි
- Details
- Published on 10 February 2018
- Written by slbc news
මාලදිවයිනේ අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකාව. ඉන්දියාව මෙන්ම චීනයද දැඩි අවධානය යොමුකර ඇත. මේ පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා ඉන්දියානු අගමැතිවරයා සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි සදහන් වෙයි. ඉන්දු පැසිපික් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම මියන්මාරයේ රෝහින්ගියා ගැටඵවද මෙහිදී අවධානයට ලක්වු තවත් කරුණුවේ. ඒ අතරම මාලදිවයින් ජනාධිපතිවරයා චීනය. පකිස්තානය. සෞදිීඅරබිය ඇතුඵ රටවල් කිහිපයකට රටේ තත්ත්වය පැහැදිලි කිරීමට නියෝජිතයෙකු යැවීමට ක්රියාකලත් ඉන්දියාව එම විශේෂ නියෝජිතයාගේ පැමිණීම ප්රතික්ෂේප කළේය. මේ අතර ඉන්දියාවේ මාලදිවයින් තානාපතිවරයා ඊයේ යළිත් ඉන්දියාවට පැමිණ තිබේ. ඔහු ඉදිරියේදී ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීමට නියමිතය.