Sat10202018

Last updateMon, 30 Jul 2018 10am

World News

ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සමග සාකච්ඡා කිරිමට තමන් සූදානම්

 උතුරු කොරියාව සමග සාකච්ඡා කිරිමට තමන් සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි.  දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මහතා සමග පැවති  දුරකථන සංවාදයකින් පසුව  ඔහු ඒ බව සදහන් කර තිබෙ.   උතුරු හා දකුණු කොරියා අතර සාකච්ඡා පවත්වා දිනකට පසුව  එම දුරකථන සංවාදය සිදුවිය.  දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියාව සමග පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා  දැනුවත් කර තිබෙ. එම සාකච්ඡා සදහා දෙපාර්ශ්වය යොමු කිරිමට අමෙරිකාව කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය .