Wed11202019

Last updateWed, 20 Nov 2019 9am

World News

ප්ලාස්ටික් අපද්‍රව්‍ය සීමා කිරීම පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණයක්

සාගර දූෂණයට හේතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සීමා කිරීම පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඇති කිරීමට ජී 20 කන්ඩායමට අයත් රටවල පරිසර හා බලශක්ති අමාත්‍යවරු එකගතාව පළ කරති. මෙවැනි යාන්ත්‍රණයක් ලොව බිහිවන්නේ පළමු වරටයි. ජපානයේ පැවති අදාල අමාත්‍යවරුන්ගේ හමුවීමෙන් පසු නිකුත් කර ඇති නිවේදනයෙහි මේ බව දැක්වේ. මෙම ව්‍යුහය යටතේ සෑම රටක්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සීමා කිරීමට තමන්ගේම වූ සැලැස්මක් ක්‍රියාවට නැංවිය යුතු අතර එහි ප්‍රතිඵල පිළිබඳව නිරතුරුව යාන්ත්‍රණය දැනුවත් කළ යුතු වේ. එහෙත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සීමා කෙරෙන ප්‍රමාණයක් පිළිබඳව එම නිවේදනය සඳහන් නොකරයි.