World News

ඉන්දියාවේ ගුජරාටයට සුළි කුණාටුවක අවදානමක්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය හරහා හෙට අලුයම සුළි කුණාටුවක් හමා යාමේ අවදානමක් පවතින බව එරට කාලගුණ අංශ අනතුරු අගවා තිබේ.   එහි වේගය පැයට කිලෝමීටර් 350 ඉක්මවිය හැකි බවද සදහන් වෙයි.  වායු නමින් හඳුන්වා ඇති එම සුළි කුණාටුවට මුහුණදීමට ගුජරාට් ප්‍රාන්තය විශේෂ විධිවිධාන යොදා තිබෙ.්  වෙරළාරසන්න ප්‍රදේශවල දින 3 ක් පාසල් වසා තැබේ. ජාතික ආපදා ප්‍රතිචාර කණ්ඩායම් එහි යවා තිබේ.  ධීවරයින්ට ගොඩබිම කරා පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.