World News

මාධ්‍යවේදී කෂෝගීගේ ඝාතනයට රජුගේ කිසිදු සම්බන්ධයක් නැතැයි සෞදි රජය අවධාරණය කරයි

තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී ඝාතනයට ලක්වු මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතන සිද්ධියට සෞදි රජුගේ කිසිදු සම්බන්ධයක් නැතැයි සෞදියේ විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.  බී බී සී පුවත් සේවයට අදහස් දක්වමින් සෞදි විදේශ කටයුතු ඇමති අදෙල් අල් ජුබෙයිර් පවසන්නේ සෞදි රජු මොහොමඩ් බින් සල්මාන් මෙම සිද්ධියේ දී සිය ගෞරවය රැකෙන ආකාරයෙන් මාධ්‍ය සමග ගනුදෙනු කර ඇති බවයි.  කෂෝගිගේ ඝාතනයට සෞදි රජය වගකිව යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සදහන් කළේය.  මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ කොංග්‍රසය වෙනමම පරීක්ෂණයක් ද ඉල්ලා තිබේ.