Tue05262020

Last updateSat, 22 Feb 2020 6pm

World News

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම් දිම අද

මාලදිවයිනේ ජනාධිපතිවරයා   ලෙස තේරි පත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා දිවුරුම් දිමේ උත්සවය අද මාලේ නගරයේදි පැවැත්වේ.  එම අවස්ථාවට ඉන්දිය අගමැති  නරේන්ද්‍ර මෝදි මහතා ද  සහභාගි විමට  නියමිතයි.  ඉකුත් වසර කිහිපයේ  ඉන්දිය  අගමැතිවරයා කිසිදු අවස්ථාවක   මාලදිවයිනේ  සංචාරය නොකළ බව    හිටපු ජනාධිපතිවරයෙකු  වන මොහොමඩ් නෂීඩ් මහතා කියයි. එහිදී රටේ බොහෝ දෙනෙකු සිටියේ  දේශපාලන සිරකරුවන් බවට පත් වී බව ඔහු කියා සිටි.  චීනය  තම රටේ විශාල ව්‍යාපෘති  දියත් කර ඇත. ඒ පිළිබඳව  නිසි විගණනයක් කළ යුතු යැයි නෂීඩ් මහතා කියයි.  රටක දියුණුවට කලාපිය රටවල් සමග හොද අවබෝධයෙන් ක්‍රියාකිරිම වැදගත් ය. නව රජය බලයට පත්විමෙන්  පසු ජනතා ගැටඵ  වලට මෙන්ම ජාත්‍යන්තරව ඇති ගැටඵ වලට විසදුම් ලබාදෙන බව ඔහු කියා සිටි.  එමෙන්ම පරිසරය සම්බන්ධයෙන් ඇති  ප්‍රඥප්ති නිසිලෙස ක්‍රියාත්මක කළ යුතුව  ඇතැයි ඔහු  කියයි. රජයක් පිහිටුවිමට  තමන් සමග එක් වී සිටින කණ්ඩායම් නිසි අවබෝධයකින් සිටින බව ද හිටපු ජනාධිපතිවරයා කිවේය.