Wed01242018

Last updateWed, 24 Jan 2018 1pm

World News

වෙනිසියුලාවේ කඩිනම් ජනාධිපතිවරණයක්.

ලබන අප්‍රේල් මාසය අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන්නැයි වෙනිසියුලාවේ ව්‍යවස්ථාදායක සභාව නියෝග කරයි.  වත්මන් ජනාධිපති නිකලස් මදුරෝ මහතා පවසන්නේ තවත් වසර හයක ධුර කාලයක් සදහා තමන් තරග කරන බවයි.  එරට වත්මන් විපක්ෂය මේ වනවිට බෙදිීම් රැසකට ලක්වී ඇති අතර ඉතාමත් දුර්වල තත්ත්වයක පවති. 

Read more...

ලොව විරැකියාව වාර්තාගත ලෙස ඉහලට.

පසුගිය වසරේදී ලොව රැකියා විරහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 192 යි දශම 7 ක් දක්වා වර්තාගත වර්ධනයක් පෙන්නුම් කළ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි. පසුගිය වසර තුන තුළ පමණක් ලොව විරැකියාව මිලියන 10 කින් වැඩි වී තිබේ. අප්‍රිකානු සහ දකුණු ආසියානු රටවල ශ්‍රම බලකායෙහි වර්ධනය මෙම තත්ත්වයට බලපා ඇති බව කම්කරු සංවිධානය පෙන්වා දෙයි.

Read more...

ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලය ලබන වසර අවසානයේ ජෙරුසෙලමට

ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලය ලබන වසර අවසානය වනවිට ජෙරුසෙලමට රැගෙන යන බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා කියයි.  ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් ඔහු ඒ බව සදහන් කළේය.  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය මාසයේ ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ප්‍රකාශයට පත් කළ අතර ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට රැගෙන යන ලෙස උපදෙස් දුන්නේය. 

Read more...

අමෙරිකානු රජයේ කටයුතු යථා තත්ත්වයට


අමෙරිකානු රජයේ කටයුතු යලි යථා තත්ත්වයට පත්වි තිබේ. සංක්‍රමනික අර්බුදය ඇතුඑ ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සෙනෙට් සභාවේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් මන්ත්‍රිවරුන් අතර එකගතාවක් නොවීම හේතුවෙන් එරට කටයුතු දින 3ක් ඇනහිට තිබුනි කෙසේ වුවත් ඉදිරි දිනයකදී නීත්‍යානුකූල ලියාපදංචියක් නොමැතිව අමෙරිකාවේ රැදි සිටින තරුණ සංක්‍රමනිකයන්ගේ අනාගතය සම්බන්ධයෙන් යළිත් ඡන්ද විමසිමක් පැවැත්විමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය සහතික වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඩිමොක්‍රටික් පක්ෂය අදාල අතුරු අයවැය පනත් කෙටුම්පතට විරෝධය පලකිරිමෙන් වැලකී සිටියේය. ඊයේ පැවති නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී මෙම පනත් කෙටුම්පත 266 ට 150 ක් ලෙස සම්මත වු අතර සෙනෙට් සභාවේදි එය 81 ට 18 ක් ලෙස සම්මත වී තිබේ.

ඇමරිකානු රජයේ කටයුතු තවදුරටත් ඇණහිටී


ඇමරිකානු රජයේ කටයුතු තවදුරටත් ඇණහිට තිබේ. රජයේ කටයුතු සදහා මුදල් වෙන් කිරීමට සෙනට් මණ්ඩලය ඊයේ දිනයේත් අපොහොසත් වීම මීට හේතුවෙයි. ඉකුත් සෙනසුරාදා රජයේ කටයුතු පවත්වාගෙන යාම සදහා ඉදිරිපත් කළ විසර්ජන පනත කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීම නිසා මේ වන විට ගැටථ රැසක් නිර්මාණය වී තිබේ.