Fri06222018

Last updateFri, 22 Jun 2018 1pm

World News

ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්විට්සර්ලන්තයේ සංචාරයක

අතිඋතුම් ෆ්‍රුන්සිස් පාප් වහන්සේ ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරත වෙති. එක් දිනක් පමණක් එහි රැදි සිටින උන්වහන්සේ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා හා එරට ආගමික පුජකවරුන් හමුවීමට නියමිතයි.  ලෝක ක්‍රිස්තියානි සභාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පාප් වහන්සේගේ සංචාරය සිදුවෙයි.  ලෝක ක්‍රිස්තියානි සභාවේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන යාඥා මෙහෙයකට ද උන්වහන්සේ සහභාගි වෙති.  පාප් වහන්සේගේ සංචාරය නිමිත්තෙන් ජිනිවා නගරයේ ආරක්ෂාව තරකර තිබේ.

බංග්ලාදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීිය දණ්ඩනය

 

මත්ද්‍රව්‍ය වෙලෙදාම . ප්‍රවාහනය හා බෙදා හැරීම සම්බන්ධ පුද්ගලයන්ට මරණීය දණ්ඩනය පැමිණවීමට හැකිවන පරිදි නව නීති සම්පාදනය කරන බව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය ප්‍රකාශ කරයි. දැනට මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට එරට මරණ දණ්ඩනය පැමිණවිය හැකිය. එහෙත් මෙම ජාවාරමට සම්බන්ධ අයට ද එම දඩුවමම ලබා දිය යුතු බව ඇය පවසයි.
=====
සරණාගත පවුල්වල සාමාජිකයන් වෙන් කිරීමට තමන් කලින් දුන් නියෝගය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවලංගු කරයි. නීත්‍යනුකුල ලිපි ලේඛන ඉදිරිපත් කළ නොහැකි දෙමාපියන්ට තම දරුවන් ඔවුන් සමග රඳවා ගැනීමට නොහැකි බවට එම නියෝගයේ සඳහන් විය. එහෙත් එල්ල වු මහජන බලපෑම් හේතුවෙන් තම තීරණය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට සිදු විය. කෙසේ වෙතත් දැනට වෙන් කර ඇති පවුල් සදහා මෙම නීතිය බලනොපාන බව ඔහු සදහන් කරයි.
====
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩම් මහත්මිය අද මව් පදවිය ලැබුවාය. ඇය අද පෙරවරුවේ ගැහැණු දරුවෙකු ප්‍රසුත කළාය. ලෝක ඉතිහාසයේ මහජන ඡන්දයෙන් තේරී පත්වු අග්‍රාමාත්‍යවරිකට එම ධුරය දරන අවස්ථාවේ දරු උපතක් සිදුවී ඇති දෙවැනි අවස්ථාව මෙයයි. වයස අවුරුදු 37 ක් වන අග්‍රාමාත්‍යවරිය සති 6 ක ප්‍රසුත නිවාඩු ලබා ගන්නා බව සදහන් කර තිබෙ.්

ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නිල වශයෙන් ඉවත් වෙයි


ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නිල වශයෙන් ඉවත් වෙයි. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත නිකී හේයිලී මේ බව කියා සිටී. මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනාධිකාරිය තීරණය කළ බව මීට පෙර මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. ඇමරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නොසතුට පළ කරය.ි ලෝකයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමෙන් වැලකීමට ඇමරිකාවට අවස්ථාව තිබූ බව ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් කුමරු පවසයි. මෙය ඇමරිකාව විසින් ගන්නා ලද ඒකපාර්ශවීය තීරණයක් වශයෙන් හියමුන් රයිට් වොච් සංවිධානය චෝදනා කරයි. ඇමරිකාවේ මෙම තීරණය කණගාටුවට කරුණක් බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය තව දුරටත් මානව හිමිකම් කවුන්සිලයේ වගකීම් ඉටු කරන බව කියා සිටී. මානව හිමිකම් කවුන්සිලයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවීමෙන් පසුව නැවත ඒ හා සම්බන්ධවීමට තීරණය කරන බව නිකී හේයිලී සඳහන් කර තිබේ.

බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීමට ගෙන ආ යෝජනාවක් ඉරානය ප්‍රතික්ෂේප කරයි

බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීම සදහා සෞදිඅරාබිය ඔපෙක් සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව ඉරාණය ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳ යෝජනාව ලබන 22 වැනිදා වියානා හිදි පැවැත්වෙන ඔපෙක් සමුඵවට ඉදිරිපත් කිරීමට සෞදිඅරාබිය තීරණය කර තිබුණි. එහිදී තමන් ඇතුඵව වෙනිසියුලාව සහ ඉරාකය ඊට එරෙහිව නිශේධ බලය යොදවන බව ඉරානය කියා සිටී.

කෙසේ වුවත් සියඵ සහයෝගීතා ගිවිසුම් උල්ලංඝනය කරමින් බොරතෙල් නිෂ්පාදනය වැඩි කීරීමට රුසියාව තීරණය කර ඇත. අමෙරිකාව. සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය හමුවේ අමෙරිකානු තෙල් සදහා ඉහළ බද්දක් පැනවීමට චීනය යෝජනා කිරීමත් සමග ඔපෙක් සංවිධානයේ ඇතැම් රටවල් තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අවධානය යොමු කළේය.

අමෙරිකා චීන වෙළඳ යුද්ධය යුද්ධය තවත් උග්‍ර වෙයි

අමෙරිකා චින වෙළඳ යුද්ධය දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.  රටවල් දෙකම තරගයක ආකාරයට ආනයනික භාණ්ඩ සඳහා බදු පනවමින් සිටි.  අමෙරිකාව ඉකුත් සති කිහිපයේ චිනයට එරෙහිව බදු තීරණ ප්‍රකාශයට පත්කර ඇති අතර මේ නිසා චිනය පවසන්නේ ඉදිරියේදි අමෙරිකාවෙන් ආනයනය කරන තෙල් සඳහා ද බදු පනවන බවයි.  මෙමගින් අමෙරිකාවට මසකට ඩොලර් බිලියනයක පමණ පාඩුවක් සිදුවනු ඇත.  මෙම තත්ත්වය හේතුවෙන් අමෙරිකානු වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ද පහත වැටෙමින් පවතී.  පවතින තත්ත්වය හමුවේ තෙල් බහුලව නිපදවන ඔපෙක් සංවිධානයට සහ රුසියාවට වැඩි වාසි සැලසෙනු ඇතැයි බලාපොරොත්තුවේ.