Sun04212019

Last updateFri, 05 Apr 2019 7pm

Sport News

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයක.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන එංගලන්ත ශ්‍රි ලංකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම දිවාභෝජනය සදහා තරගය නතර කරන විට කඩුලු 03 ක් දැවි ලකුණු 98 ක් ලබා සිටියේය. කෞෂාල් සිල්වා ලකුණු 30 කට.ත්. දිමුත් කරුණාරත්න ලකුණු 26 කටත් දවාලිමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වුහ . ජයග්‍රහණය සදහා ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 462 ක ඉලක්කයක් එල්ල වී තිබෙ.්

ආසියානු පාපන්දු සම්මේලන ව්‍යවස්ථා සංශෝධනයේදී මෙරට බළධාරීන් රට ගැන අමතක කොට ක්‍රියා කර ඇත

ආසියානු පාපන්දු සම්මේලනය සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රීි ලංකා පාපන්දු බලධාරීන් කටයුතු කර ඇත්තේ රට ගැන අමතක කොට බව හිටපු පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.

ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේ දී රටට මුල්තැන ලබ ාදිය යුතුය. තීන්දු තීරණ ගත යුත්තේ රටේ අභිවෘද්ධිය උදෙසා පමණි. ආසියානු පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව වෙනුවෙන් පුද්ගල අවශ්‍යතා මත තීන්දු තීරණ නොගෙන ක්‍රියා කළ යුතුව තිබු බව ඔහු පෙන්වා දෙයි. ආසියානු පාපන්දු ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රීී ලංකාව එකග වීම රටේ විදේශ ප්‍රතිපත්තියට පටහැනි බවද හිටපු සභාපතිවරයා කියයි.

ශ්‍රී ලංකා-එංගලන්ත විස්සයි විස්සේ ක්‍රිකට් තරගය අද

ශ්‍රි ලංකාවත් එංගලන්තයත් අතර එකම ඔව්ර් විස්සයි විස්සේ  ක්‍රිකට් තරගය ආර්. ප්‍රේමදාස  ක්‍රිඩාංගනයේදි  අද පැවැත්වේ.  එය දිවා රාත්‍රි තරගයකි. රාත්‍රි  7.00 ට එය ඇරඹේ.   ශ්‍රි ලංකා පිලේ  නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරයි. මෙම තරගයෙන් පසු  දෙරට අතර  ටෙස්ට් තරගාවලිය ආරම්භ විමට නියමිතයි.

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් ගාල්ලේදී

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනීම සදහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම දිවාභෝජනය සදහා තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවි ලකුණු 111 ක් ලබා සිටීයේය.. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී තරගය පැවැත්වෙයි. අද තරගයේ තුන්වන දිනයයි. එංගලන්ත කණ්ඩායම සිය පලමු ඉනීම සදහා ලකුණු 342 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනීම සදහා ලකුණු 203 යි.

ශ්‍රිී ලංකාවත් සමග ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්

ශ්‍රිී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර පැවති ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක් හිමි විය. තරගයේ ජයග්‍රහණය සදහා දකුණු අප්‍රිකානු පිලට ලකුණු 194 ක ඉලක්කයක් එල්ල විය. එම පිල ඕවර් 31 කදී කඩුලු 5 කට ලකුනු 196 ක් රැස් කරමින් තරගය ජය ගත්තේය. ජේ පී ඩුමිනි නොදැවී ලකුණු 53 ක් රැස් කළේය. අකිල ධනංජය කඩුලු 3 ක් බිඳ හෙලීය. ශ්‍රීී ලංකාව ඕවර් 34 යි පන්දු 3 කදි සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 193 ක් පමණි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 81 ක් රැස් කළේය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා වුයේ ඇන්ජෙලෝ මැතිව්ස්ය. මැතිව්ස් නායකත්වය ලබා දුන් සියවැනි එක්දින තරගය මෙය විය. මීට වසර 14 කට පෙර දකුණු අප්‍රිකානු පිල දඹුල්ලේ දී පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ අතර එම තරගයේදී එක්දින වරම් හිමි කර ගත් ජේ පී ඩුමිනි අද තරගය ජයග්‍රහණය කිරිමට ඔවුනට දායකත්වය ලබා දුන්නේය

Subcategories