Wed06262019

Last updateTue, 18 Jun 2019 8am

Sport News

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන්පුර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්පුර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.  මේ අනුව ඒ කොටසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවද බී කොටසින් බංග්ලාදේශය සහ පාකිස්තානයද අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

ලසිත් මාලිංග යළිත් අයි. පී. එල් පිටියට පැමිණෙන ලකුණු

ඉන්දීය ප්‍රිමියර්ලිග් ක්‍රිකට් තරගාවලියේ ලබන වසරේ තරගාවලිය සදහා ග්ලේන් මැක්ස්වෙල් සහ ආරොන් ෆින්ච් එක් නොවන බව වාර්තාවෙයි. ලබන වසරේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියානු පිල තරගමාලා රැසකටම සහභාගීවීම ඊට හේතුවයි. ඉන්දීය රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුත් ක්‍රිඩක ලයිස්තුවට ලසිත් මාළිංග සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටිති.

ඉකුත් තරගවාරයේදී මාළිංග පුහුණු උපදේශකවරයෙකු ලෙස ක්‍රියාකළත් මෙවර ඔහු තරග අතරට පිවිසිමේ වැඩි ඉඩක් පෙන්නුම් කරන බව වාර්තාවෙයි. මේ අතර දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නම දිල්ලි කැපිටල් ලෙස වෙනස් කර ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගි එන ක්‍රිකට් තරගාවලිය අද සිට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගි එන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තරගාවලියේ සත්කාරකත්වය දරයි. ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකක් යටතේ රටවල් අටක් එහිදී තරගවදි. පාකිස්ථානය සහ හොංකොං කණ්ඩායම ද බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ද බී-කාණ්ඩය යටතේ අද පාකිස්ථානයේදී තරග වදි. ඒ-කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව. ඉන්දියාව. ඇෆ්ගනිස්ථානය සහ ඕමානය තරගවැදීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය එලඹෙන 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

නැගි එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය කොළඹදී අද

නැගි එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී අද පැවැත්වේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ඒ-කොටසින් තරගවදි. ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව යන රටවල් ද එම කොටසට ඇතුලත් වෙයි.

සමබර කණ්ඩායමක් සමග හොඳ තරගයක් ලබාදීමට සුදානම් බව නැගිඑන ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ජාත්‍යන්තර තරගවලට සහභාගිවු ක්‍රිඩකයෝ රැසක්ද මෙම සංචිතයට ඇතුලත් වෙති. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ සම සත්කාරකත්වය දරයි

ශ්‍රිි ලංකා විවෘත කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ලබන මස 2 වැනිදා ඇරඹේ

ශ්‍රිි ලංකා විවෘත කණිෂ්ඨ ගොල්ෆ් තරග ජනවාරි 2 වැනිදා සිට 4 වැනිදා තෙක් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය මෙය සංවිධාන කරයි. 11 වන වරටත් ඊට අනුග්‍රහය ලබාදීමට ප්‍රිමා සමාගම ඉදිරිපත්ව සිටී. තරගාවලිය වයස් කාණ්ඩ 4 ක් ඔස්සේ පැවැත්වේ. මීට පෙර අවස්ථා 2 කදීම කණිෂ්ඨ ගොල්ෆ් ශුරතාව දිනා ගත්තේ දැනට ඇමරිකාවේ පදිංචිව සිටින විනෝද් වීරසිංහයි. ඔහු මෙවරද තරගාවලියට එක්වීමට පැමිණෙනු ඇත.

Subcategories