Thu05232019

Last updateSun, 21 Apr 2019 1pm

Sport News

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා සම්මේලනයේ ආසියානු කලාපිය සමුඵව කොළඹදී.


පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා සම්මේලනයේ ආසියානු කලාපිය සමුඵව කොළඹදී අද ආරම්භ විය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා සම්මේනයේ සභාපති ලුවිස් මාටින් මහත්මිය එහි ප්‍රධානත්වය දරයි. ශ්‍රී ලංකාව. ඉන්දියාව. බංග්ලාදේශය. බෲනායි රාජ්‍ය. මැලේසියාව. මාලදිවයින. පාකිස්ථානය හා සිංගප්පුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා සම්මේලනයේ ආසියානු කලාපයේ රටවලට අයත් වෙයි.

සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ලකුණු 136 ක ඉලක්කයක්

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ 15 වන තරගය ලෙස ගුජරාට් ලයන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර රාජ්කොට් හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ලයන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 135 ක් රැුස්කිරීමට සමත් විය.

පළමු ඕවරයේ සිව්වන පන්දුවේදී ලකුණු ලබා නොදීම ඒරන් ෆින්ච් දවාගැනීමට බුවනේෂ්වර් කුමාර් සමත්වූයේය.
ඉන්පසු බ්‍රෙන්ඩන් මැකලම් (18) සමග එක්වු සුරේෂ් රයිනා (75) දෙවන කඩුල්ල සදහා පන්දු 40 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.
පන්දු 51 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 75 ක් රැුස්කරගත් සුරේෂ් රයිනා අර්ධ ශතකය පන්දු 34 කදී සම්පූර්ණ කිරීමට සමත් වූයේය. අද දින 231 වන විස්සයි 20 තරගයට ක‍්‍රීඩා කළ සුරේෂ් රයිනා ලකුණු 6000 සීමාව පසුකල පස්වන ක‍්‍රීඩකයා බවට පත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ බුවනේෂ්වර් කුමාර් අවසන් ඕවරයේදී කඩුලූ 3 ක් දවාගත් අතර සිය ඕවර 4 ලකුණු 29 කට සීමා කරමින් කඩුලූ 4 ක් දවාගැනීමට සමත්වූයේය. ගුජරාට් ලයන්ස් - ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 135
(සුරේෂ් රයිනා 75, බුවනේෂ්වර් කුමාර් 29/4)

ආසියානු තරගාවලියට 8 ක් යති

ස්බකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. එළැඹෙන අගෝස්තු මස බ‍්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමි වන තරගාවලියක් ලෙස මෙය සැලකේ.

තරගාවලිය මෙම 21 වැනිදා සිට 30 වැනිදා දක්වා ටෂ්කෙන්ට්හිදී පැවැත්වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ පදක්කම්ලාභී සුදේෂ් පීරිස් සහ චින්තන විදානගේ මෙම තරගාවලියට සහභාගිවන්නේ ජාත්‍යන්තර අත්දැකීම් සපිරි ක‍්‍රීඩකයන් දෙදෙනකු ලෙසනි.
කමල් එගොඩවත්ත හැරෙන්නට සෙසු ක‍්‍රීඩකයන් හත් දෙනාම නිමා වු ඇසෑම් හි පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ පදක්කම් ලාභීහු වෙති.

කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් තරග කරන සුදේෂ් පීරිස් ඔලිම්පික් පරිසාධන මට්ටමට ලබා ගැනීමට කිලෝග‍්‍රෑම් 280 ක බර ප‍්‍රමාණයක් එසවිය යුතුය. සුදේශ්ගේ උපරිම දස්කම වන්නේ කිලෝග‍්‍රෑම් 273 කි.
කිලෝග‍්‍රෑම් 77 බර පංතිය නියෝජනය කරන චින්තන ගීතාල් විදානගේට, මෙවර ඔලිම්පික් වරම් ලැබීම සදහා කිලෝග‍්‍රෑම් 310 ක බර ප‍්‍රමාණයක් එසවීමට සිදුවේ. චින්තන සිය බර පංතියෙන් මෙතෙක් දක්වා ඇති හොදම දස්කම වන්නේ කිලෝග‍්‍රෑම් 300 ක බර ප‍්‍රමාණයක් එසවීමයි. සාග් බර ඉසිලීමේ රිදී පදක්කම් ලාභීන් වන ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් ද දස්කම් අතර සිටින ක‍්‍රීඩකයෝ වෙති.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම:
ජේ. ඒ. චතුරංග ලක්මාල් (කි.ග‍්‍රෑ. 56), කමල් එගොඩවත්ත (කි.ග‍්‍රෑ. 56), සුදේෂ් පීරිස් (කි.ග‍්‍රෑ. 62), තිලංක පලගසිංහ (කි.ග‍්‍රෑ. 62), ඉන්දික දිසානායක (කි.ග‍්‍රෑ.69), චින්තන විදානගේ (කි.ග‍්‍රෑ. 77), තුසිත අබේකෝන් (කි.ග‍්‍රෑ. 94), ෂානක පීටර්ස් (කි.ග‍්‍රෑ. 105), පී. කේ. එන්. දයාන් මහතා (පුහුණුකරු) සහ පී. ඒ. ආර්. බණ්ඩාර මහතා (කළමනාකරු)

- See more at: http://kelimandala.lankadeepa.lk/article/61441/%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-8-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BA%E0%B6%AD%E0%B7%92#sthash.SiUi3VcU.dpuf

සජිත් මල්ලිකාරච්චි සමුගනී

ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම වත්මන් රග්බි තේරීම් කමිටුවේ සාමාජිකයකු ද වන සජිත් මල්ලිකාරච්චි මහතා අද (18) අභාවප‍්‍රාප්ත විය. හෘදයාබාදයක් හේතුවෙන් හදිසියේ අභාවප‍්‍රාප්ත වන විට මල්ලිකාරච්චි මහතා 37 වැනි වියේ පසුවිය. සජිත් මල්ලිකාරච්චි මහතා 2005 සහ 2006 වසරවලදී ශ්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර ඒ මහතාගේ නායකත්වයෙන් ජාත්‍යන්තර ජයග‍්‍රහණ රැසක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකිවිය. කොළඹ ඉසිපතන විදුහලේ රග්බි නායකයකුද වන සජිත් මල්ලිකාරච්චි 1999 වසරේ සිට 2007 වසර දක්වා මහනුවර ක‍්‍රීඩා සමාජ පිලේ නායකත්වය දැරීය. සජිත්ගේ නායකත්වයෙන් මහනුවර පිල වසර කීපයක්ම ලීග් ශූරයන් බවට ද පත්විය. සජිත් අවසන් වරට 2007 වසරේ සිට 2009 වසර දක්වා සී. එච්. පිලට ක‍්‍රීඩා කළේය. හෙතෙම හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියට පස් වතාවක්ද, ඩුබායි සත් සාමාජික රග්බි තරගාවලියට තෙවතාවක්ද සහභාගි වී තිබේ. ඒ මහතාගේ දේශය මහරගම, පමුණුව, 8 වැනි පටුමග, අංක 46 නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

II වැනි අදියරේ ජය බෙන්තොටට

බෙන්තොට වෙරළේ තීරයේ සිනමන් හෝටලය අසළදී පැවැති ‘රෙඞ් බුල් ලෙවල්ස්’ තරගාවලියේ II වැනි අදියර ජයගැනීමට බෙන්තොට කලාප කණ්ඩායම සමත් විය.

අවසන් පූර්ව වටයේදී ශාක්ස්, වන් සමර් සහ 2015 වසරේ පැවැති තරගාවලියේ ශුරයන් වූ ‘350’ යන කණ්ඩායම් සමග කරට කර සටනක නිරත වූ බෙන්තොට කලාප කණ්ඩායම, අවසන් තරගයේදී මිනිත්තු 5 යි ත්ත්පර 46.54 ක කාලයක් වාර්ථා කරමින් තරගය ජයග‍්‍රහණය කළේය.

Subcategories