Mon10222018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගවලින් බ්‍රසීලය. දකුණූ කොරියාව සහ ස්වීඩනයට ජය

පීෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගවලදී ජයග්‍රහණ අත්කර ගැනීමට බ්‍රසීලය. දකුණූ කොරියාව සහ ස්වීඩනය සමත් විය. සර්බියාව සහ බ්‍රසීලය අතර පැවති තරගයේදී ගෝල දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට බ්‍රසීලය සමත් විය. පවුලින්හෝ සහ තියාගෝ සිල්වා බ්‍රසීලය වෙනුවෙන් ගෝල රැස් කලහ. ස්වීඩනය සහ කොස්ටරීකා රාජ්‍ය අතර තරගය ගෝල දෙකට දෙකක් ලෙස සම විය. දකුණු කොරියාව සහ ජර්මනිය අතර තරගයෙන් දෙකට බින්දුවක ජයක් දකුණූ කොරියාවට හිමිවිය. කිම් යොන්ග් ග්වෝන් සහ සොන් හෙවුන්ග් මින් දකුණු කොරියාව වෙනුවෙන් ගෝල රැස් කලහ. පරාජයත් සමග තරගාවලියෙන් ඉවත්වීමට ජර්මනියට සිදුවීම විශේෂත්වයයි. පළමු වටයේදීම පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ජර්මනිය සිදුවන්නේ වසර අසූවකට පසුවය. පසුගිය පාපන්දු ලෝක කුසලානය ජය ගත්තේ ජර්මනියයි. මෙක්සිකෝව සහ ස්වීඩනය අතර තරගය ගෝල 3 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත් විය. ඕගස්ටින්සන්. ග්රැන්ක්වීස්ට් සහ ඇල්වරේස් ස්වීඩනය වෙනුවෙන් ගෝල රැස් කළහ.

ඒ අනුව ඒ කාණ්ඩයෙන් මීලග වටය සදහා දකුණූ 9 ක් සහ හයක් ලබාගත් උරුගුවේ සහ රුසියා කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත. බී ඛාණ්ඩය යටතේ ලකුණූ පහ බැගින් ලබා ගත් ස්පාඥ්ඥය සහ පෘතුගාලය ඊලග වටයට සුදුසුකම් ලබා තිබේ. සී බාණ්ඩයෙන් ඉදිරියට යන්නේ ප්‍රංශය සහ ඩෙන්මාර්කයයි. ලකුණූ හතක් සහ පහක් වශයෙන් එම කණ්ඩායම් ජයග්‍රහණය කර ඇත. ඩී කාණ්ඩය යටතේ ක්‍රොඒශියාව සහ ආජන්ටිනාව පෙරමුණේ සිටී. ඒ ලකුණු 9 ක් සහ 4 ක් ලබමිනි.

ඊ ඛාන්ඩයෙන් බ්‍රසීලය සහ ස්විස්ටර්ලන්තය ඊලග වටයට සුදුසුකම් ලබා ඇත. ඒ ලකුණු 7 ක් සහ පහක් ලබා ගිනිමිනි. එෆ් ඛාණ්ඩයෙන් ලකුණු හය බැගින් ලබා ගත් ස්වීඩනය සහ මෙක්සිකෝව ඊලග වටයට සුදුසුකම් ලබා ඇත. ජී සහ එච් කාණ්ඩ යටතේ තරග 4 ක් අද පැවැත්වේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4 ක් අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4 ක් අද පැවැත්වෙයි. දකුණු කොරියාව ජර්මනිය සමගත්. මෙක්සිකෝව ස්විඩනය සමගත් අද තරග වදිනු ඇත. අද පැවැත්වෙන අනිත් තරග දෙක වන්නේ සර්බියාව සහ බ්‍රසිලය අතර තරගය සහ ස්විට්සර්ලන්තය සහ කොස්ටාරිකාව අතර තරගයයි.

කොදෙව් කණ්ඩායමට එරෙහි තෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග බ්‍රිජට්ටවුන්හි පැවති තෙවන හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුඑ 4 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි. තෙවන දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම සඳහා කඩුඑ 5 කට ලකුණු 81 ක් රැස් කර සිටියේ ය. තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය තිබුණේ තවත් ලකුණු 63 ක් පමණි. ඊයේ තරගය ආරම්භ වීමෙන් පසුව කඩුඑ 6 ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 226 කින් කොදෙව් කණ්ඩායම ජයගත් අතර දෙවන තරගය අවසන් වූයේ ජයපරාජයකින් තොරවය.

දකුණු අප්‍රිකාණු ක්‍රිකට් පිල ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමග තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා වඩාත්ම දායකත්වයක් දැක්වු ක්‍රිඩකයා ලෙස දිල්රුවන් පෙරේරා හැදින්විය හැකියැයි විචාරකයෝ කියති. ඔහු 7 වන පිතිකරුවා ලෙස පැමිණ පන්දු 68 ක් තුළ නොදැවී ලකුණු 23 ක් රැස් කරමින් ඉනීම ආරක්‍ෂා කරමින් අනෙක් පිතිකරුවාට සහාය ලබාදීමට සමත්විය. මේ නිසා කුසල් මෙන්ඩිස්ගේ දැවීයාමෙන් පසු කුසල් පෙරේරා පැමිණ නොදැවී ලකුණු 28 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහනය කරා ගෙන ගියේය. දිල්රුවන් ප්‍රථම ඉනිමේදීද නොදැවී ඉනීම නිමාවන තෙක් සිටියේය.තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නන් දෙදෙනෙකු දක්නට ලැබුණ අතර බටහිර කොදෙව් පිලේ සුලයිමන් ගේබ්‍රියල් කඩුලු 20 ක් ලබා ප්‍රථම ස්ථානයේ සිටින අතර ළහිරු කුමාර කඩුලු 15 ක් බිද හෙලා දෙවන ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා බවට ළහිරු කුමාර පත්ව සිටින බව පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා කියයි.
මෙම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව සමග තරග මාලාවකට එක්වෙයි. එහි පළමු පුහුණු තරගය ලබන 07 වැනිදා කොළඹදී පැවැත්වේ.

කුසල් ජනිත් හෙට පිතිකරණයට එක්වන ලකුණු

ක්‍රිඩාංගනයේදි අනතුරට ලක්වු කුසල් ජනිත් පෙරේරාට බරපතල ආබාධ තත්ත්වයක් නොමැති බව කණඩයාමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පවසයි.  ඔහුව ස්කෑන් පරික්ෂාවට ලක්කළ  වෛද්‍යවරුන් මේ බව තහවුරු කර ඇත.  බොහෝ දුරට හෙට දිනයේදි ඔහුට පිතිකරුවෙකු ලෙස කටයුතු කිරිමේ හැකියාව පවති.  ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 144 ක ජයග්‍රාහී ඉලක්කයක් එල්ලවි තිබේ.  මේ නිසා කුසල්ගේ පැමිණීම හෙට දිනයේ අත්‍යවශ්‍යවී තිබේ.

Subcategories