Mon07232018

Last updateWed, 11 Jul 2018 10am

Sport News

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගෙය්දී බෙල්ජියම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත් වෙයි. තරගය ඊයේ රාත්‍රියේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති මෙම තරගය ගෝල එකට බින්දුවක් වශයෙන් නිමාවට පත් විය. ප්‍රංශ කණ්ඩායමේ සැමුවෙල් උම්ටිටි තරගයේ පණස් එක්වන විනාඩියේදී ගෝලයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රංශය සිය ලෝක පාපන්දු තරගාවලි ඉතිහාසයේ තෙවන වරටත් අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබුවේය. ඒ අනුව අද පැවැත්වෙන ක්‍රොයේෂියාව සහ එංගලන්තය අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග ප්‍රංශය අවසන් මහා තරගයේදී සටන්වැදීමට නියමිතයි. අවසන් මහා තරගය ඉරිදා රුසියාවේ මොස්කව් නුවරදී පැවැත් වේ.