Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

පළමු ටෙස්ට් තරගයේ ජය කොදෙව් පිළට

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ට්‍රිනිඩෑඩ්හි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 226 කින් ජයගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම සමත් වෙයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් ලකුණු රැස්කිරීමට තීරණය කළ කොදෙව් කණ්ඩායම පළමු ඉණිම සඳහා කඩුඑ 8 කට ලකුණු 414 ක්ද දෙවන ඉණිම සඳහා කඩුඑ 7 කට ලකුණු 223 ක්ද රැස් කළේය. පිලිතුරු වශයෙන් සිය පළමු ඉණිම සඳහා සියල්ලන් දැවී ලකුණු 185 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 453 ක් රැස් කළ යුතු විය. එහෙත් ලබාගත හැකි වූයේ ලකුණු 226 ක් පමණි. පළමු ඉණිමේදී නොදැවී ලකුණු 125 ක් රැස් කළ කොදෙව් ක්‍රීඩක ෂේන් ජෝවිච් තරගයේ වීරයා විය. කණ්ඩායම් දෙක අතර දෙවන තරගය බ්‍රහස්පතින්දා ආරම්භ වෙයි.