Mon05212018

Last updateMon, 21 May 2018 7am

Sport News

බංග්ලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් පත්වන ලකුණු

බංග්ලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන් එක්කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් මට්ටමේ පවතින බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නසිමුල් හසන් මහතා පවසයි.  ඔහු මේ වනවිට ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල්ස් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.  එම කටයුතු නිමාවු පසු මැයි 21 වැනිදා ඔහු බංග්ලාදේශයට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.  බංග්ලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු තෝරා ගැනීමට ඔස්ට්‍රෙිලියාව. දකුනු අප්‍රිකාව සහ එංගලන්තය යන රටවල පුහුණුකරුවන් තිදෙනෙකුගේ නම් යෝජනාවී ඇතැයි හසන් මහතා කියයි.