Sun04222018

Last updateSun, 22 Apr 2018 2pm

Sport News

මිලග පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙල 2022 එංගලන්තයේදි

සත්කාරක ඕස්ට්‍රේලියාවට සමස්ථ ජය අත්කර දෙමින් 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙළ ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ්කෝස්ට් හිදි ඊයේ රාත්‍රියේ අවසන් විය. රන් පදක්කම් 80 ක් හා සමස්ථ පදක්කම් 198 ක් සමග ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තේය. දෙවන ස්ථානය හිමකර ගත් එංගලන්තය රන් පදක්කම් 45 ක් සමග සමස්ථ පදක්කම් 136 ක් ද තුන්වන ස්ථානය හිමිකරගත් ඉන්දියාව රන් පදක්කම් 26 ක් සමග සමස්ථ පදකම් 66 ද හිමිකර ගැනිමට සමත්විය. ශ්‍රි ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලේදි සමස්ථ පදක්කම් 6 ක් හිමිකර ගත්තේය. පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා ඉතිහාසයේ ශ්‍රි ලංකාව මෙතෙක් හිමිකරගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක්වෙයි. ශ්‍රි ලංකාවට පදක්කම් සටහනේ හිමිවුයේ 31 වන ස්ථානයයි. මිලග පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙල 2022 දි එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්විමට නියමිතයි.