Sun04222018

Last updateSun, 22 Apr 2018 2pm

Sport News

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ දකුණු ආසියාවේ දෙවන බලවතා වීමට ශ්‍රි ලංකාව සමත්වෙයි

. පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලේ මිටර් 100 පිරිමි සහය දිවිමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රි ලංකා කණ්ඩායම අද අවසන් තරගයට මුහුණ දිමට නියමිතයි. එමෙන්ම හෙල්ල විසිකල සම්පත් රණසිංහ අද පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම්ලැබිය. ඔහුගේ දක්ෂතාව මිටර් 74 යි දශම හතයි දෙකකි. අද දිනයේදි ශ්‍රි ලංකා සත් සාමාජික රග්බි පිල තරග සදහා එක්විමට නියමිත බව ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ්කෝස්ට් හි සිටින ක්‍රිඩා මාධ්‍යවේදි ප්‍රින්ස් ගුණසේකර මහතා කියයි.
මේ වන විට ක්‍රිඩා උළෙලේ පදක්කම් 168 ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියාවයි. ශ්‍රි ලංකාව මුඑ පදක්කම් 6 කට හිමිකම් කියමින් 27 වැනි ස්ථානයේ පසුවෙයි.
මේ වන විට ශ්‍රිලංකාව ක්‍රිඩා උළෙලේ දකුණු ආසියාවේ දෙවන බලවතා වී සිටි. ඉන්දියාව රන්පදකම් 17 ක් සමගින් මුඑ පදක්කම් 42 දිනා දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත. ශ්‍රි ලංකාවට ඉදිරියෙන් 26 වැනි ස්ථානයේ බංග්ලාදේශය සිටියත් ඔවුන් හිමිකරගෙන ඇත්තේ රිදිී පදක්කම් 2 ක් පමණි. පකිස්ථානය 31 වැනි ස්ථානයේ පසුවන්නේ ලෝකඩ පදක්කම් 3 ක් සමගිනි.