Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

Sport News

ඉන්දියාවේ බදු හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග මාලා දෙකක් එරටට අහිමිවීමේ අවදානමක්

ඉන්දියාවේ වත්මන් බදු ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි ප්‍රධාන ක්‍රිකට් තරගාවලි දෙකක් ඉන්දියාවට අහිමිවීමේ තත්ත්වයක් පවතින බව වාර්තාවෙයි. වසර 2021 පැවැත්වෙන ශුරයන්ගේ  කුසලානය සහ වසර 2023 පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඒවා වෙයි.  මෙම තරගාවලි සදහා බදු නිදහස් කිරීමට ඉන්දීය රජය අකමැත්ත පල කර ඇත.  බදු ක්‍රියාත්මක වුවහොත් ලැබෙන ආදායමෙන් ඩොලර් මිලියන සියයක් පමණ ඒ සදහා වෙන්කිරීමට සිදුවන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියයි.  මේ නිසා වෙනත් ස්ථාන සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.  මීට පෙර 2016 වසරේද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඉන්දියාවේදී මෙවැනිම අර්බුදයකට මුහුණ දුන්නේය.  එහිදී බදු සහනය නොලැබීම නිසා ඩොලර ්මිලියන 20 ත් 30 ත් අතර මුදලක් අහිමිවී තිබේ.