Sat02232019

Last updateThu, 14 Feb 2019 9am

Sport News

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 312 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.  සිය දෙවන ඉනීම සදහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය නතරකරන විට කඩුලු 08 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියේ ය.  රොෂේන් සිල්වා නොදැවි ලකුණු 58යි.  බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනීම සදහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 110 කි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනීම සදහා ලකුණු 222 ක් රැස් කළේ ය.  ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් සිටි.