Wed07182018

Last updateWed, 11 Jul 2018 10am

Sport News

නවසීලන්තයේ දී ආරම්භ වු අවුරුදු 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයකට වර්ෂාවෙන් බාධා.

අවුරුදු 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද නවසිලන්තයේ දී ආරම්භ විය.  මෙවර එය සංවිධාන කෙරෙන්නේ 12 වැනි වතාවටයි.  එහිදී පැපුවානිව්ගිනි සහ සිම්බාබ්වේ අතර තරගයටත් . බංග්ලාදේශය සහ නැමීබියාව අතර තරගයට මෙන්ම නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.  මේ නිසා එම තරග ප්‍රමාද වී ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙයි.  පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය වංගාරි ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.  එහිදී ඇෆ්ගනිස්ථානය හමුවේ මුලින් ලකුණු රැස් කරන පකිස්ථානය ඕවර් 44 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 183  ක් රැස් කරගෙන සිටියේය.  මේ අතර නවසීලන්තය හා පකිස්ථානය අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය දැන් ඩුනෙඩින් හි පැවැත්වේ.  මුලින් ලකුණු රැස් කරන නවසීලන්ත පිල ඕවර් 31 ක් අවසානයේ කඩුලු 2 ක දැවී ලකුණු 145  ක් රැස් කර ගෙන සිටියේය.