Mon10222018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම හෙට බංගලාදේශයට

 තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම හෙට  දිවයිනෙන් පිටත්ව යයි. ශ්‍රි ලංකාව . බංගලාදේශය හා සිම්බාබ්වේ රාජ්‍යය එම තුන්කොන් ක්‍රිකට් තරගාවලියට  සහභාගි වන රටවල් වේ.   ශ්‍රි ලංකා සිම්බාබ්වේ  කණ්ඩායම් අතර එක්දින  ජාත්‍යන්ත.ර ක්‍රිකට් තරග දෙකක්  ලබන  17 හා 21 වැනිදා පැවැත්වේ.   ශ්‍රි ලංකා බංගලාදේශ එක්දින  තරග  පැවැත්විමට නියමිතව ඇත්තේ ලබන  19 වැනිදා හා 25 වැනිදායි.  තරග සියල්ලම ධකා අගනුවර දි පැවැත්වෙන  අතර ඒ සියල්ල දිවා රාත්‍රි තරග වේ.  එම තුන්කොන් තරගාවලියෙන් පසුව  ශ්‍රි ලංකා කන්ඩායම  බංගලාදේශ කණ්ඩායම සමඟ ටෙස්ට් තරග  02කට හා පන්දු වාර විස්සයි විස්සේ තරග දෙකකට සහභාගි වෙයි.