Wed11202019

Last updateWed, 20 Nov 2019 9am

Sport News

ක්‍රිකට් ලෝක කුසලාන තරගයකදි පාකිස්ථානයට එරෙහිව ඉන්දියාවට ජය ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව මැන්චෙස්ටර් නුවර ඊයේ පැවති තරගය ලකුණු 89 කින් ජයගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. වරින් වර පිටියට ඇද හැඑණු වර්ෂාව හේතුවෙන් තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තීරණය විය. කාසියේ වාසිය දිනු පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානායේ කඩුඑ 5 කට ලකුණු 336 ක් රැස් කිරීමට සමත්විය. රෝහිත් ෂර්මා ලකුණු 140 යි. ලකුණු 337 ක ඉලක්කයක් වෙනුවෙන් සිය ඉණිම ආරම්භ කළ පාකිස්ථාන කණ්ඩායම 35 වෙනි පන්දුවාරය වන විට කඩුඑ 6 කට ලබාගෙන සිටියේ ලකුණු 166 ක් පමණි. වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ තරගය යළි ආරම්භ වූයේ පාකිස්ථාන ඉණිම පන්දුවාර 40 කට සීමා කරමිණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්ථානය ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 302 ක් විය. එහෙත් පන්දුවාර 40 අවසානයේ පාකිස්ථානය ලබාගත්තේ ලකුණු 212 ක් පමණි.
මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිව්වෙනි ස්ථානයේ පසුවූ ඉන්දියාව තුන්වෙනි ස්ථානයට පත්විය. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පිළිවෙලින් පළමුවෙනි හා දෙවන ස්ථානවල පසු වන අතර ශ්‍රී ලංකාව තව දුරටත් පස්වෙනි ස්ථානයෙහි පසුවෙයි. තරගාවලියේ තවත් තරගයක් බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටවුන්ටන්හිදී අද පැවැත් වේ.