Sport News

ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 327 ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුථ 4 කට ලකුණු 53 ක් ලබා සිටියේය.

දෙවැනි ඉනිම වෙනුවෙන් එංගලන්තය සියලුදෙනා දැවී ලකුණු 230 ක් ලබා ගත් අතර පළමු ඉණිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 336 කි. ශ්‍රී ලංකාවට පළමු ඉණිම වෙනුවෙන් ලබා ගත හැකිවුයේ ලකුණු 240 ක් පමණි. පැවති තරග දෙකම ජයගත් එංගලන්තය මේ වන විට ටෙස්ට් තරගාවලිය ජය ගෙන තිබේ.