Sat08242019

Last updateTue, 18 Jun 2019 8am

Sport News

ඕවර් විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දි්ය කොදෙව් අතර තරගය ඇරඹේ

බටහිර ඉන්දිය  කොදෙව් දුපත් හි පැවැත්වෙන ඕවර් විස්සයි විස්සෙ  ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකදි දකුණු අප්‍රිකාව හමුවේ  එංගලන්ත කාන්තා පිල  කඩුලු 07 ක ජයක් වාර්තා කළේය  මුලින් ලකුණු රැස් කළ  දකුණු අප්‍රිකානු කාන්තා පිල ලකුණු  85 කට දැවි ගියේය. එම ඉලක්කය  ඕවර් 14 යි පන්දුවකදි  කඩුලු  03 ක් දැවී තිබියදි ඉක්මවා යාමට එංගලන්ත ක්‍රිඩිකාවෝි සමත් වුහ  මෙහි තවත් තරගයක්  සදහා   ශ්‍රි ලංකාව  සහ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම් දැන් තරගයට  එක්ව සිටි.  එහිදි මුලින් පන්දුවට පහරදෙන බටහිර ඉන්දිය කොදෙව් පිල මීට ස්වල්ප වේලාවකට පෙර ඕවර් එකක් අවසානයේ   කිසිවෙකු නොදැවි ලකුණු       ක් ලබා සිටියේය .  මේ වනවිට ඒ කාණ්ඩයේ  ඉදිරියෙන් සිටින්නේ  එංගලන්ත කාන්තා කණ්ඩායමයි  ඔවුන් සහභාගි වූ තරග තුනෙන් දෙකක්ම ජයගෙන ඇත.  සහභාගි වූ තරග දෙකම  ජය ලබා එම කොටසේ දෙවන ස්ථානයේ බටහිර ඉන්දිය කොදෙව්  කාන්තා පිල පසුවෙයි. ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයේ සිටි. ඔවුන් තරග තුනකට සහභාගි වී  එක් තරගයක් ජයගෙන ඇත.  දකුණු අප්‍රිකාව සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම  සිටින්නේ  ශ්‍රි ලංකාවට  පසුපසිනි .බි කොටසේ සහභාගි වූ  තරග තුනම ජය ගනිමින්  ඔස්ට්‍රේිලියාව ප්‍රථම ස්ථානයේත් . ඉන්දියාව දෙවන ස්ථානයේත් පසුවෙයි.