Wed01242018

Last updateWed, 24 Jan 2018 1pm

Sport News

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මුලික වටයේ අවසන් තරගය හෙට

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මිලග තරගය ඩකා අගනුවරදී හෙට පැවැත්වෙයි.  තරගාවලියේ මුලික වටයේ අවසන් තරගය එයයි.  මේ වනවිට සහභාගිවු තරග තුනම ජයගෙන බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 15 ක් ලබා ගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටි.

Read more...

2018 ලෝක පාපන්දු කුසලානය ඊයේ රාත්‍රියේ දිවයිනට

ලොව පුරා ප්‍රදර්ශනය කෙරෙමින් ගමන් ගන්නා 2018 ලෝක පාපන්දු කුසලානය ඊයේ රාත්‍රියේ දිවයිනට ළගා විය.  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පෙරවරු 8.30 ට ප්‍රථම වතාවට එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වෙයි. 

Read more...

44 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙලේ ජාතික රට හරහා දිවීමේ තරග ලබන මස 18 වැනිදා නුවරඑළියේ දී.

ක්‍රීඩා අමාත්‍යංශය මෙහෙයවන 44 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙලේ ජාතික රට හරහා දිවීමේ තරග ලබන මස 18 වැනිදා නුවරඑළියේ දී පැවැත්වේ.  සියලුම පළාත්වලින් තෝරා ගත් ක්‍රීඩකයෝ් 10 දෙනෙක්  හා ක්‍රීිඩිකාවෝ 6 දෙනෙක් තරගය සදහා සුදුසුකම් ලබා සිටිති. 

Read more...

අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේදී හසිත බෝයගොඩගෙන් නව ලෝක වාර්තාවක්


වයස අවුරුදු 19 න් පහළ එක්දින ක්‍රිකට් තරග බිමේ ඉහළම ඉනිම ක්‍රිඩා කරමින් යොවුන් ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රි ලංකා 19 න් පහළ පිලේ හසිත බෝයගොඩ සමත්විය ඔහු කෙන්යාවත් සමග අද පැවති තරගයේ දී ලකුණු 191 ක් රැස් කලේය. මිට පෙර ඉහළම ඉනිම ක්‍රිඩා කොට තිබුනේ නවසීලන්ත 19 න් පහල පිලේ ජේකම් බුලා විසින්ි. ඔහු මෙම තරගාවලියේ මුළික වටයේදි කෙන්යාවට එරෙහිවම ලකුණු 180 ක් රැස්කලේය. මිට පෙර ශ්‍රි ලංකා ක්‍රිඩකයෙකු මෙම වාර්තාවට හිමිකම් කිවේ 2009 වසරේදීය. එහිදි ඔස්ට්‍රේලියාවට එරෙහිව භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 154 ක් රැස්කලේය අද පැවති තරගයෙන් ශ්‍රි ලංකා 19 න් පහළ පිල කෙන්යාව හමුවේ ලකුණු 311 ක දැවැන්ත ජයග්‍රනයක් වාර්තා කලත් තරගාවලියෙන් ඉවතට විසිවිමට සිදුවිය මුලින් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා 19 න්පහළ පිල ඕවර් 50 අවසානයේ කඩුලු 4 කට ලකුණුා 419 ක් රැස්කලේය. කෙන්යානු පිල ඕවර් 36 කදී සියලු දෙනා දැවී රැස්කලේ ලකුණු 108 ක්පමණි.

ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග සදහා සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් තුන්කොන් එක්දින තරගාවලියට පමණක් නොව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග සදහා සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වේ.  සිය පාදයේ අබාධයකට ප්‍රතිකාර ගැනීම සදහා මැතිව්ස් මේ වන විට දිවයිනට පැමිණ සිටිී.