Sat11172018

Last updateSat, 17 Nov 2018 9am

Sport News

ඕවර් විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දි්ය කොදෙව් අතර තරගය ඇරඹේ

බටහිර ඉන්දිය  කොදෙව් දුපත් හි පැවැත්වෙන ඕවර් විස්සයි විස්සෙ  ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකදි දකුණු අප්‍රිකාව හමුවේ  එංගලන්ත කාන්තා පිල  කඩුලු 07 ක ජයක් වාර්තා කළේය  මුලින් ලකුණු රැස් කළ  දකුණු අප්‍රිකානු කාන්තා පිල ලකුණු  85 කට දැවි ගියේය. එම ඉලක්කය  ඕවර් 14 යි පන්දුවකදි  කඩුලු  03 ක් දැවී තිබියදි ඉක්මවා යාමට එංගලන්ත ක්‍රිඩිකාවෝි සමත් වුහ  මෙහි තවත් තරගයක්  සදහා   ශ්‍රි ලංකාව  සහ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම් දැන් තරගයට  එක්ව සිටි.  එහිදි මුලින් පන්දුවට පහරදෙන බටහිර ඉන්දිය කොදෙව් පිල මීට ස්වල්ප වේලාවකට පෙර ඕවර් එකක් අවසානයේ   කිසිවෙකු නොදැවි ලකුණු       ක් ලබා සිටියේය .  මේ වනවිට ඒ කාණ්ඩයේ  ඉදිරියෙන් සිටින්නේ  එංගලන්ත කාන්තා කණ්ඩායමයි  ඔවුන් සහභාගි වූ තරග තුනෙන් දෙකක්ම ජයගෙන ඇත.  සහභාගි වූ තරග දෙකම  ජය ලබා එම කොටසේ දෙවන ස්ථානයේ බටහිර ඉන්දිය කොදෙව්  කාන්තා පිල පසුවෙයි. ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයේ සිටි. ඔවුන් තරග තුනකට සහභාගි වී  එක් තරගයක් ජයගෙන ඇත.  දකුණු අප්‍රිකාව සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම  සිටින්නේ  ශ්‍රි ලංකාවට  පසුපසිනි .බි කොටසේ සහභාගි වූ  තරග තුනම ජය ගනිමින්  ඔස්ට්‍රේිලියාව ප්‍රථම ස්ථානයේත් . ඉන්දියාව දෙවන ස්ථානයේත් පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සදහා ලකුණු 336 ක් රැස් කරයි

සංචාරක එංගලන්ත කන්ඩායම සහ ශ්‍රි ලංකා කන්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි. දෙවන දිනය ඊයේ නිමාවන විට පළමු ඉනිම සඳහා ශ්‍රි ලංකාව සියලු ක්‍රිඩකයන් දැවී ලකුණු 336 ක් ලබා ගත්තේය. රොෂේන් සිල්වා ලකුණු 85 ක් රැස්කලේය.

දිමුත් කරුණාරත්න රැස්කළ ලකුණු සංඛ්‍යාව 63 කි. ධනංජය ද සිල්වා ලකුණු 59 ක් රැස්කලේය. තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු ක්‍රිඩකයන් දැවි රැස්කල ලකුණු සංඛ්‍යාව 290 කි.

එංගලන්ත පිලේ මුල් කඩුලු 4 දිවා භෝජනයට පෙර බිඳ වැටෙයි

ශ්‍රි ලංකාවත් එංගලන්තයත් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ක්‍රිඩාංගණයේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනු එංගලන්ත පිල මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව දිවා භෝජනය සදහා තරගය නතර කරන විට එංගලන්ත පිල කඩුලු 4 ක් දැවී ලකුණු 120 ක් රැස් කර ගෙන සිටියේය. මෙම තරගයේ නායකයා ලෙස සුරංග ලක්මාල් කටයුතු කරයි. ඔහු මීට පෙර මෙහෙයවු ටෙස්ට් තරග සියල්ලම ජය ගත් නායකයා ද වෙයි.

එංගලන්ත පිලේ මුල් කඩුලු දිවා භෝජනයට පෙර බිඳ වැටෙයි

ශ්‍රිී ලංකාවත් එංගලන්තයත් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ක්‍රිඩාංගණයේදී ආරම්භ විය.  කාසියේ වාසිය දිනු එංගලන්ත පිල මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.  ඒ අනුව දිවා භෝජනය සදහා තරගය නතර කරන විට එංගලන්ත පිල කඩුලු 4 ක් දැවී ලකුණු 120 ක් රැස් කර ගෙන සිටියේය.  මෙම තරගයේ නායකයා ලෙස සුරංග ලක්මාල් කටයුතු කරයි.  ඔහු මීට පෙර මෙහෙයවු ටෙස්ට් තරග සියල්ලම ජය ගත් නායකයා ද වෙයි.

ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. ගාල්ලේ පැවති පළමු තරගය ලකුණු 211 කින් ජයගැනීමට එංගලන්තය සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලියේ එක් තරගයක් ජයගනිමින් එංගලන්තය මේ වන විට ඉදිරියෙන් සිටී.

පළමු තරගය පැරදුණු නමුත් තම කණ්ඩායම මානසිකව පරාජය වී නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායක සුරංග ලක්මාල් ඊයේ පල්ලෙකැලේදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගයට සහභාගි නොවේ. ඒ වෙනුවට රොෂේන් සිල්වා හෝ චරිත් අකලංක අද තරගයට සහභාගිවිය හැකි බව සුරංග ලක්මාල් ඊයේ පැවසීය. ටෙස්ට් පිටියෙන් සමුගත් රංගන හේරත් වෙනුවට ලක්ෂාන් සඳකැන් හෝ මාලින්ද පුෂ්පකුමාර තරග වදිනු ඇත

. සුරංග ලක්මාල් මීට පෙර ටෙස්ට් තරග 3 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති අතර එම තරග තුනම ජයග්‍රහණය කර ඇත. එංගලන්ත කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගිවන පළමු අවස්ථාව මෙයයි. පළමු තරගයේ ජයග්‍රාහී මානසිකත්වය රඳවා තබාගනිමින් මෙම ටෙස්ට් තරගාවලිය ජයගැනීම සිය කණ්ඩායමේ අරමුණ බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පල්ලෙකැලේදී ඊයේ සඳහන් කළේය.

Subcategories