Sat05302020

Last updateSat, 22 Feb 2020 6pm

Local News

හැර යන්නවුන් සිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් බව එස් බී දිසානායක ඇමතිවරයා කියයි.

එක මිටට-හරි අතට තේමාවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සම්මේලනයට සියල්ල සුදානම් බව ඇමති එස් බි දිසානායක මහතා කියයි. සම්මේලනය පැවැත්වෙන්නේ පක්ෂය අර්බුදකාරි වාතාවරණයකට මුහුණපා සිටියදී බව අමාත්‍යවරයා කියයි.

Read more...

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 17 වන ගුණ සමරුව අද.

ශ්‍රි ලංකාවේ මෙන්ම ලෝකයේ ද ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 17 වන ගුණ සමරුව අදට යෙදී තිබේ.  එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවයෙන් පසුව 1960 ජුලි 21 වැනිදා එතුමිය මුල් වරට අගමැති ධුරයේ  දිවුරුම් දුන්නාය. 

1961 මාර්තු මස පොදුරාජ්‍ය මණ්ඩලයිය අගමැතිවරුන්ගේ සම්මේලනයට සහභාගි වෙමින් එම සම්මේලනය නියෝජනය කළ ලොව පළමු කාන්තාව බවට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්වුවාය.  1972 දී ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත් කිරීමට එතුමිය මුලික වී ක්‍රියා කළාය.  1976 දී නොබැඳි ජාතීන්ගේ සමුඵව පවත්වමින් ලෝක අවධානය ශ්‍රි ලංකාවට යොමු කර ගැනීමට එතුමිය සමත් වුවාය.  සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ මෙරට සිටි ඉන්දීය ජාතිකයන් ලක්ෂ 3 කට අධික පිරිසක් ඉන්දියාවට යලි පිටත් කර හැරීමට එතුමියට හැකි විය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකල නඩුවක් මාර්තු මස 27 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව ගොනුකල නඩුවක් මාර්තු මස 27 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීිප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.  වසර 6 ක කාලයක් තුළ සිය ආදායම මෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා ආකාරයට උපයා ගෙන ඇති බව පවසමින් මෙම නඩුව පවරා තිබුණි.  නඩුවට අදාළ හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංකයට අදාළව බැංකුවේ පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශයට අධිකරණය අද විත්ති පාර්ශයවට අවසර දුන්නේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ගොනු කළ පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට නිතිපතිවරයා සූදානම්

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම පිලිබදව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල අභියාචනා පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නිතිපතිවරයා අධිකරණයට ඊයේ දැනුම් දුන්නේය.

Read more...

හිටපු ඇමතිවරියක වන රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

හිටපු ඇමතිවරියක වන රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.  මියයන විට ඇය 72 වන වියෙහි පසුවුවාය.  ඇය දැනට මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායිකාවයි.  ජනහමුවකට සහභාගී වෙමින් සිටියදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මීන දින කිහිපයකට පෙර ඇය රෝහල් ගතකරනු ලැබුවාය.  මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ තත්ත්වය යහපත් අතට හැරුණද යළි රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ඇය අභාවප්‍රාප්ත වුවාය.

 1977 දී මුල්වරට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි රේණුකා හේරත් මහත්මිය 1988 දී සංස්කෘතික නියෝජ්‍ය ඇමති ධුරයට පත්වුවාය.  නුවරඑළිය දිසා ඇමතිනිය ලෙසද ඇය කටයුතු කළාය.  ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පාලන සමයේ සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමතිනිය වුයේ ඇයයි.  වසර 2000 දී පරාජයට පත්වීමෙන් පසුව මධ්‍යම පළාත් සභාවට තේරී පත්වු ඇය එහි විපක්‍ෂ නායක ධුරය දැරුවාය.  රේණුකා හේරත් මහත්මියගේ දේහය අද දහවල් මධ්‍යම පළාත් සභා පරිශ්‍රය වෙත ගෙන එන අතර මහජන ගෞරවය සදහා එහි තැන්පත් කර තැබේ.

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.