Sun04212019

Last updateFri, 05 Apr 2019 7pm

Local News

හෘදයාබාධයකදි ජිවිතය බේරාගත හැකි ඖෂධයක් ආනයනය කිරිමට රජයේ අවධානය

 

හෘදයාබාධයක් ඇතිවුවහොත් ක්ෂණිකව  ප්‍රතිකාර කර රෝගියා බේරා ගැනිම සදහා ඖෂධයක්  ශ්‍රි ලංකාවට  ආනයනය කිරිමට අවධානය  යොමු කර ඇතැයි  සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  හෘදයාබාධයක්  ඇති වී  පැය  03 ක කාලයක් ඇතුළත මෙම  ඖෂධය ලබාදිමෙන් රෝගියාගේ ජිවිතය බේරා ගත හැකි බව හෘද රෝග විශෙෂඥ වෛද්‍යවරුන්  ඇමතිවරයාට පෙන්වා දී තිබෙ.් ඕනෑම  රෝහලකදී  හෝ ජංගම සායනකදි මෙම  ඖෂධය  ලබාදිමේ හැකියාව පවති.  දැනට එම ඖෂධයක්  රුපියල්  එක්ලක්ෂ විසිදහසකට අලෙවි කෙරේ.  

Read more...

හෙට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි - පෞද්ගලික බස් වර්ජනයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉවත් වෙයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම්කර තිබු පෞද්ගලික බස් වැඩවර්ජනයට එක්නොවන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය කියයි.  එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුඑ නියෝජිත පිරිසක් අද පස්වරුවේ ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් පසුව ඒ බව සඳහන් කලහ.  නව දඩ ක්‍රමය ක්‍රියාත්මක විමට මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු පාර්ලිමේන්තුවේදි සම්මත කරගත යුතු බව එහිදි පෙන්වා දෙනු ලැබීය  වමෙන් ඉස්සර කිරීම හා අධික වේගයෙන් රිය පැදවීම යන කරුණු පිළිබඳව ඉදිරියේදි සාකච්ඡා කර යම් එකගතාවකට පැමිණිම් වාතාවරණය පවතින බව එහිදි සඳහන් කෙරිණි.

හෙට පැවැත්වීමට සැලසුම්කර තිබු දුම්රිය වැඩ වර්ජනය අත්හැර දැමේ.  ඒ අනුව හෙට දිනයේ දිවයින පුරා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ජනක ප්‍රනාන්දු මහතා පවසිය.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදි අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.  තම ඉල්ලීම්වලට ජනාධිපතිතුමාගෙන් සාධනීය එකගත්වය පලවු බව ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.  ඇමති නිමල් සිරිපාල ද සිල්වා හා මහතා හා දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

හෙට පැවැත්වෙන පළාත්පාලන ඡන්ද විමසුම සඳහා සියල්ල සුදානම්

හෙට පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසුම සඳහා සියලු නිලධාරින් අදාල ඡන්ද මධ්‍යස්ථාන වෙත මේවන විට වාර්තා කරමින් සිටින බව තේරීම්භාර නිලධාරිහු පවසති. ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපතිවරුන් හා සෙසු නිලධාරින් ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා රැගෙන අදාල ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් පෙරහුරු ද පවත්වා තිබේ. ඒ සම්බන්ධ තොරතුරු ඔවුන් තමන් වෙත වාර්තාකරමින් සිටින බව තේරීම්භාර නිලධාරිහු පවසති. සියලුම දිස්ත්‍රික්කවල සාමකාමී වාතාවරණයක් පවතී. එබැවින් හෙට උදෑසන 07.00 ට ඡන්ද මධ්‍යස්ථාන විවෘත කිරීමට අවශ්‍ය වාතාවරණය මේ වන විට සකස්වි තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පොලොන්නරුව. බදුල්ල.

Read more...

හෙට පැවැත්වෙන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයන් පිළිබඳ සංගනනයට සියලු කටයුතු සුදානම්.

හෙට පැවැත්වෙන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයන් පිළිබඳ සංගනනය සාර්ථක කර ගැනීමට ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සියලු සේවක-සේවිකාවන්ගේ සහාය පතයි. සංගනනයේ ප්‍රශ්ණාවලිය නිවැරදිව සම්පුර්ණ කිරීම මගින් එම සහාය ලබාදිය හැකිය. සංගණනය සදහා මේ වනවිට සියලු කටයුතු සුදානම් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

හෙට පෙරවරු 9.30 සිට 11.30 දක්වා සංගනනය පැවැත්වේ. සංගනන ප්‍රශ්නාවලිය නිකුත් කිරීම හා අවශ්‍ය උපදෙස් ඒ ඒ ආයතන සදහා පත්කර ඇති සම්බන්ධිකරණ නිලධාරින් සිදුකරනු ඇත. මේ වනවිට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවක-සේවිකාවන් සංඛ්‍යාව ගණන් ගැනීම හා ඔවුන් පිළිබඳ ප්‍රජා විද්‍යාත්මක සමාජීය හා ආර්ථික තොරතුරු එක්රැස් කිරීම සංගනනයේ අරමුණයි.

එමගින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ගුණාත්මකබව වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. සංගනනයේදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ස්ථිර. තාවකාලික. අනියම්. ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සියලු සේවක-සේවිකාවන් සංඛ්‍යාව. ඔවුන්ගේ වයස. ස්ති පුරුෂ භාවය. සේවා ස්ථානය. තනතුර. පත්වීමට අදාල තොරතුරු වැටුපට අදාල තොරතුරු. නිවාඩු පිළිබඳ විස්තර. භාෂා ප්‍රවිනතාව. අධ්‍යාපන සුදුසුකම් වෘත්තිය සුදුසුකම් . පදිංචිය. ගමනා ගමනයට අදාල විස්තර. තොරතුරු තාක්ෂණ දැනුම. බෝ නොවන රෝග ආදි සියලු තොරතුරු එක්රැස් කෙරේ. මෙවර වතු කම්කරුවන්ද සංගණනයට ඇතුලත්කර තිබිම විශේෂත්වයකි.


ශ්‍රී ලංකාවෙන් පලමුවරට රාජ්‍ය අංශයේ සංගණනයක් පවත්වා ඇත්තේ 1968 දීය. සෑම වසර හතරකටම වරක් මෙම සංගණනය පැවැත්වෙයි. මෙවර එවැන්නක් පැවැත්වෙන්නේ 11 වැනි වතාවටයි. සංගනනයේ සියලු තොරතුරු ඩබ්ලිව් ඩබිලිව් ඩබ්ලිව් ඩොට් ස්ටැටිස්ටික් ඩොට් ජී ඕ වී ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

හෙට පෙරවරුව වනවිට දුම්රිය සේවා මුඵමනින්ම යථා තත්ත්වයට.

දුම්රිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් විම හේතුවෙන් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස් එම් අබේවික්‍රම මහතා පවසයි.  අද පස්වරුවේ  කාර්යාල දුම්රිය කාලසටනකට අනුව ධාවනය කිරිමට නොහැකිවුවත් දුම්රිය කිහිපයක්ම ධාවනයට එක් කෙරිණි. 

Read more...

Subcategories

  • මේ වසරේදි දිවයින පුරා ආදර්ශ ගම්මාන 600 ක් ඉදිකිරීමට පියවර

    මේ වසර තුළ දිවයින පුරා  ආදර්ශ ගම්මාන  600 ක් ඉදිකරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියයි. ඒ සදහා අවශ්‍ය  භූමිය දැනටමත් හදුනාගෙන අවසන්ය. 2020 වනවිට ආදර්ශ  ගම්මාන 2500 ක් ඉදිකිරිම ඉලක්කයවී තිබේ.  සැමට සෙවන ජාතික නිවාස වැඩපිළිවෙලේ  පසුගිය අත්දැකිම් මේ සදහා යොදා ගැනේ.  අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවිම යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි . නිවසක සැබෑ අවශ්‍යතාව පවතින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට මෙම නිවාස  ලබාදීමට කටයුතු කෙරේ..  . මෙම වැඩපිළිවෙල  සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල්  මිලියන දසදහසකි.