Wed11142018

Last updateWed, 14 Nov 2018 2pm

Local News

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් අද මහනුවරදී රැස්වෙයි

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී රැස්වෙයි.  පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීහු මීට සහභාගී වෙති.  ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පළාත තුල ක්‍රියාත්මක වන ආකාරය. එහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී අවධානය යොමුවනු ඇත. පළාතේ දිළිඳු ජනතාව ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ ජීවනෝපායමාර්ග සංවර්ධනය සඳහා ග්‍රාමශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබේ.  මහනුවර. නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන පළමු වාරිකයේ ප්‍රදානයද මෙහිදී ලබාදීමට නියමිතයි. ඉන්පසු ජනාධිපතිතුමා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන කොටලිගොඩ නිෂ්පාදන ගම්මානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙයි.  මතින් නිදහස් රටක් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට මහනුවර ගැටඹේ ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.  මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහනද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී දියත් කෙරේ.