Mon07232018

Last updateWed, 11 Jul 2018 10am

Local News

පෝය දිනවල හා ඉරිදා පෙරවරුවේ උපකාරක පංති පැවැත්විම තහනම් කිරිම කෙරෙහි රජයේ අවධානය

මත්කුඩු හා මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් සඳහා මරණීය දණ්ඩනය ලබාදිමට රජය තීරණය කරයි.  ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ඒකමතිකව මෙම තීරණයට එළඹි බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.  බුද්ධශාසන අමාත්‍යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පෝය දිනවල උපකාරක පංති පැවැත්විම හා ඉරිදා දිනවලදී පස්වරු 02.00 දක්වා උපකාරක පංති පැවැත්විම තහනම් කිරිමට ද අවශ්‍ය පියවර ගන්නා බවයි.  මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් හා රේඛීය අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.  විහාර දේවාලගම් පනත සංශෝධනයට සහ භික්ෂූ කථිකාවත් පනත සඳහා ද නායක ස්වාමින්වහන්සේලාගේ අනුමැතිය ලැබි තිබේ.  ඊට අදාල පනත් කෙටුම්පත ලගඳීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජයවික්‍රම පෙරේරා මහතා පැවසිය.  නොදියුණු පළාත්වල පිහිටි අඩුපහසුකම් විහාරස්ථාන දියුණු කෙරේ. භික්ෂූන්වහන්සේට රක්ෂණ ආවරණයක් ලබාදිමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කලේය.  අලුතින් විහාරස්ථාන ඉදිකිරීමට අවසර නොදෙන බවට ඇතැම් අය නගන චෝදනා අමාත්‍යවරයා මෙහිදි ප්‍රතික්ෂේප කලේය.