Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

Local News

2050 වනවිට ශ්‍රී ලංකාව පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට අවශ්‍ය පදනම හා සැලැස්ම සකස්කර අවසන් බව අගමැතිවරයා කියයි

2050 වනවිට ශ්‍රී ලංකාව පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම සදහා අවශ්‍ය පදනම හා සැලැස්ම සකස්කර අවසන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. එය ඉතාමත් අභියෝගාත්මක කාර්යයකි.  විවිධ මතිමතාන්දර දරන පුද්ගල සමුහයක් සමග ඉතාමත් ඉවසිලවන්තව හා විමසිලිවත්ව එම කාර්යය ඉදිරියට ගෙනයා යුතු බව අගමැතිවරයා පවසයි.   සිංගප්පුරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පුරු ව්‍යාපාරික සමුඵව එක්ව සංවිධාන කළ ශ්‍රී ලංකා-සිංගප්පුරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයට සහභාගි වෙමින් ඔහු එම කරුණු සදහන් කළේය.  සිංගප්පුරුවේ ජැන් ටැංග්ලින් හෝටලයේ පැවති එම සමුඵවට ශ්‍රී ලංකාවේ හා සිංගප්පුරුවේ ව්‍යවසාකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.  සිංගප්පුරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමති එස්. ඊෂ්වරන් මහතා එම අවස්ථාවට සහභාගි විය.  ඉන්දියන්  සාගරයේ ශ්‍රී ලංකාවේ භුගෝලීය පිහිටිමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින් ආර්ථික මුල්‍ය හා සමාජීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය බව වික්‍රමසිංහ මහතා පැවසීය.

  නවීන තාක්ෂණය සමග අපනයන ආර්ථිකය අරමුණු කරගත් සමාජ රටාවක් ගොඩනැංවීමට ශ්‍රී ලංකාව කැපවී සිටි.  ලෝකයේ සියලු රටවල් සමග සහයෝගයෙන් ක්‍රියාකිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව පැවසු අගමැතිවරයා ඉදිරියේදී ඉන්දියාව. සිංගප්පුරුව. මැලේසියාව. වියට්නාමය. කොරියාව. ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමග ඇති සබඳතා තව තවත් ශක්තිමත් කර ගන්නා බව සදහන් කළේය.  දේශිය වශයෙන් ඉදිකිරීමට අපේක්ෂා කරන ආර්ථික කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳවද එහිදී වික්‍රමසිංහ මහතා එහිදී කරුණු පැහැදිලි කළේය.  කොළඹ මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගි මාර්ග පද්ධතිය අවට ජීවත් වන ලක්ෂ 90 ක පමණ ජනතාව ඉලක්ක කර සිදුකළ හැකි ආයෝජන පිළිබඳව ද ඔහු පෙන්වා දුන්නේය.