Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

Local News

අතුරුදන් වූ තැනැත්තන් පිළීබඳ කාර්යාල නියෝජිතයෝ අද ති‍්‍රකුණාමලයේදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවෙති

අතුරුදන් වු තැනැත්තන් පිලිබද කාර්යාලයේ නියෝජිතයෝ අද ත‍්‍රිකුණාමලයේදි අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වල ඥාතින් හමුවෙති මෙය සිවවැනි හමුව වන අතර මීට පෙර මෙම නියෝජිතයෝ මන්නාරම මුලතිව හා මාතර යන දිස්ති‍්‍රක්කවල පිරිස් හමුවූහ හෙට කිලිනොචචියේදිද අනිද්දා යාපනයේදිද අතුරුදන්වූවන්ගේ ඥාතින් හමුවිමට එම කාර්යාලය විධිවිධාන යොදා තිබෙ අතුරුදන්වූූවන්ගේ ඥාතීන් කාර්යාලයෙන් බලාපොරොත්තුවන දේ පිළිබඳව දැනගැනීම මෙම හමුවීම‘වල අරමුණ බව කාර්යාලයේ සභාපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි

අතුරුදන් වු තැනැත්තන් පිලිබද කාර්යාලයට පැවරී ඇති බලතල පිළිබඳව ඔවුන්ට පැහැදිලි කිරීමද මෙහිදී සිදුවන බව කාර්යාලයේ කොමසාරිස්වරියක වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙයි