Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

Local News

රටේ තහවුරු වු නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇතැමුන් සීමාවෙන් ඔබ්බට ගොස් භුක්ති විඳිම හේතුවෙන් ගැටඵ රැසක් මතුවී ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය යටතේ අධිකරණ ක්‍ෂේත්‍රයේ කිසිවෙකු හෝ දේශපාලනඥයන් පසුපස යන පසුබිමක් නිර්මාණය නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක් වෙමින් එතුමා ඒ බව සඳහන් කළේය. අධිකරණ ක්‍ෂේත්‍රයේ පමණක් නොව සියලු ක්‍ෂේත්‍රවල කටයුතු කරන පිරිස් සඳහා තෘප්තිමත් මනසකින් හා නිදහස් පරිසරයක් තුළ තම රාජකාරි කර ගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිීම රජයේ වගකීමයි. අධිකරණ ක්‍ෂේත්‍රයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල මුහුණ දී සිටි වැටුප් විෂමතා ඇතුඵ ගැටඵ රැසකට පසුගිය වසර තුන තුළ විසදුම් ලබාදුන් බව ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය. විනිසුරුවරුන්ගේ උසස්වීම් හා ස්ථාන මාරු පිළිබදව ද ඉදිරිපත් කෙරෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඔුවන්ගේ සාධාරණ දුක් ගැනවිලි හා ප්‍රශ්න ඉදිරිපත් කිරීමට විශේෂ ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ . අභියාචනාධිකරණ හා මහාධිකරණ නියෝජනය කරන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර එම ඒකකය පවත්වාගෙන යාමට ද එතුමා යෝජනා කළේය. නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වීම රටක යහපත් හා ගුණවත් සමාජයක් ගොඩනැංවීමේ පදනම බව එතුමා පෙන්වා දුන්නේය.


පරිගණක හා ජංගම දුරකතන අපරාධ පිළිබදව දක්නට ලැබෙන වාර්තා ඉතාමත් කණගාටුදායක බව පැවසු ජනාධිපතිතුමා එම බරපතල තත්ත්වය පිළිබදව අදාල සෑම අංශයක්ම තීන්දු තීරණ ගත යුතු බව අවධාරණය කළේය. පාතාල අපරාධකරුවන් හිස එසවීමට පටන් ගෙන ඇති බවට රජයට නගන චෝදනා පිළිබදව අදහස් දැක්වු ජනාධිපතිතුමා ඒ පිළිබඳ ප්‍රමුඛ වගකීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් පැවරෙන බව සදහන් කළේය. ඒ පිළිබදව එම අංශවල දැඩි අවධානය කඩිනමින් යොමු විය යුතුය. එසේ නොවන්නේ නම් ඊට අදාල තීන්දු තීරණ ගැනීමට තමා සුදානම් බව ජනාධිපතිතුමා පැවසීය .

අධිකරණ අමාත්‍යංශයේ අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුනු වත්තල නව අධිකරණ සංකීර්ණය සදහා වැය කෙරුනු මුදල රුපියල් විසිහත් කෝටි පනස් ලක්ෂයකි. තලතා අතුකෝරල හා ජෝන් අමරතුංග යන ඇමතිවරුද අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් නීතිපති ජයන්ත ජයසුරිය යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.