Tue12182018

Last updateSat, 15 Dec 2018 1pm

Local News

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩ වර්ජනය නොපැවැත්වෙන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය කියයි


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට බස් සමාගම් එකග වූ බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. ඊයේ පස්වරුවේ තමා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවලින් පසු මෙම එකගතාවට පැමිණි බව නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන් විදුලියට පැවසීය. මෙම යෝජනාව ලබන 22 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැති ලබාගෙන එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.