Tue07172018

Last updateWed, 11 Jul 2018 10am

Local News

මහරගම නගර සභාවේ පාලක පක්ෂයට හා මැතිවරණ කොමසාරිස්වරයාට නොතීසි නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග

මහරගම නගර සභාවේ පාලක පක්ෂයට හා මැතිවරණ කොමසාරිස්වරයාට නොතීසි නිකුත් කරන්නැයි අභියාචනාධිකරණය නියෝග කරයි. පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී මහරගම කොට්ඨාශය ජය ගැනීමට ස්වාධින කණ්ඩායම් අංක දෙක බයිසිකලය යටතේ ඉදිරිපත් වූ කණ්ඩායම සමත් විය. තේරී පත්වූ 25 දෙනාගෙන් 23 දෙනෙක් මහරගම මැතිවරණ බල ප්‍රදේශයේ පදිංචිකරුවෝ නොවෙති. ඉන් බහුතරය දිවුලපිටිය ආසනයේ බඩල්ගම ප්‍රදේශවාසීහූ වෙති. තවත් කිහිප දෙනෙක් කොළඹ වැල්ලවත්ත පදිංචිකරුවෝ වෙති. පළාත් පාලන මැතිවරණයේ මූලික සුදුසුකම් කඩ කරමින් මැතිවරණයට ඉදිරිපත් වී මහජනතාව නොමග යැවීමට එරෙහිව චන්ද්‍රසේන පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ රීට් ආඥාව ඊයේ අභියාචනාධිකරයේදී විභාග කෙරිණ. මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස මහරගම නගර සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීධූර හොබවන බඩල්ගම හා වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචි 23 දෙනාත් මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිෂමේ සාමාජිකයින් නම්කර ඇත. නඩුව පිලිබද පැමිණිලි පාර්ශවය කරුණූ දැක්වීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරයා තීරණය කලේ ජූනි මස 28 වන දිනට නඩුව යලි කැදවීමටයි .