Fri03222019

Last updateThu, 14 Feb 2019 9am

Local News

පෞද්ගලික බස්රථ වර්ජනයක් සිදුවුවහොත් ඊට මුහුණදීමට ලංගම හා දුම්රිය සේවා සුදානම්

රජය අනුමත කළ බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඇතැම් බස්රථ ධාවකයින්ගේ සංගම් වර්ජනයක් සිදුකරන බවට කර ඇති ප්‍රකාශ හමුවේ රජය ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදිහු විමසා සිටියහ.
මේ අතර කිසියම් ආකාරයක හෝ බස් වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් ලංගම බස්රථ පැය විසිහතර පුරා යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි. මේ වනවිට සියලුම බස් රියදුරන්ගේ . කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මික සේවාවල නිවාඩු අවලංගු කොට ඇත. දෛනික මගී කාලසටහන අනුව නොව මගී අවශ්‍යතා අනුව ලංගම බස්රථ ධාවනය කෙරේ.